33 C
Colombo
Monday, April 29, 2024

චීනය කොවිඩ් වැළඳුණු සුරතල් පූසන් මරා දමයි

- Advertisement -

COVID-19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වූ සුරතලයට ඇති කරන බළලුන් තිදෙනෙකු මරා දැමීමේ සිද්ධියක් උතුරු චීන‍යෙන් වාර්තා වනවා.

කොවිඩ් පාලනය කිරීමේ චීනයේ දැඩි පියවරයන්ට අනුගතව මෙය සිදු කර ඇති බවයි ‘රොයිටර්’ පුවත් සේවය වාර්තා කරන්නේ.

අදාල නගරයෙන් මෑතකදී කොවිඩ් රෝගීන් 75ක් පමණ සොයාගෙන ඇති බවත් සතුන්ට ප්‍රතිකාරයක් නොමැති හෙයින් ඔවුන්ගෙන් අයිතිකරුවන්ට සහ අසල්වැසියන්ට බෝ වීම නැවැත්වීමට ඔවුන් මරා දැමූ බවත් චීන බලධාරීන් පවසයි.

සතුන්ව ඉතාම ළඟින් තබාගෙන සුරතල් කිරීමේදී සතුන්ගෙන් මිනිසුන්ට OVID-19 ඇති කරන වෛරසය වන SARS-CoV-2 වෛරසය සම්ප්‍රේෂණය වීමට ඉඩක් ඇති මුත් සාමාන්ය තත්වයන් යටතේ එම අවදානම ඉතා අඩු බවයි එක්සත් ජනපදයේ රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානය පවසන්නේ.

කෙසේ නමුත් චීනයේ මෙම ක්‍රියාකාරකම සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි ලෙස විවේචනයට ලක්ව ඇත.

RECENT ARTICLES - SINHALA

මෙරට ශ්‍රම බලකාය ගැන අනාවරණයක්

පසුගිය වසරේ දී මෙරට ශ්‍රම බළකාය පහත ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත්කළ නවතම වාර්තාවකින් පෙන්නුම් කර තිබෙනවා. ඒ අනුව 2022 වසරේ දී...

ගුරු අධ්‍යාපනඥ සේවා නිලධාරීන් අද වර්ජනයක

වැටුප් විෂමතා ගැටලුවට විසඳුම් ඉල්ලා වෘත්තීය සමිති ක්‍රියාර්ගයකට එළැඹීමට තීරණය කළ බව සමස්ත ලංකා ගුරු අධ්‍යාපනඥ සේවා නිලධාරීන්ගේ සංගමය පවසනවා.  එහි ලේකම් ධම්මික මිරිහාන මහතා...

හත්දහසකට හිමිවු පොදු සමාව

නිවාඩු ලබා නොගෙන සේවයට වාර්තා නොකර සිටින යුද හමුදා සාමාජිකයින් 7,000කට අධික පිරිසක් පොදු සමා කාලයේ පළමු සතිය තුළ ඉවත් කර තිබෙනවා. අප්‍රේල් මස 20...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

පොලිසියේ පස්දෙනෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

කන්තලේ භාරතීපුරම් ගම්මානයේදී මීට වසර 26කට පෙර නිරායුධ දෙමළ සිවිල් වැසියන් අටදෙනෙකු භාරතීපුරම් පොලිස් ස්ථානයට රැගෙන විත් සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබා මරා දමන...

රනිල් අවුරුදු කුමාරියන්ට තෑගි දෙන්න ගිහිල්ලා

මැද කොළඹ - සුදුවැල්ල බක්මහ උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වී තිබෙනවා. මෙම වාර්ෂික බක්මහ උළෙල සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත්...