30 C
Colombo
Saturday, May 4, 2024

චීනයෙන් පොහොර ගෙන්වීම නතර කළේ නෑ..! – සමාව ඉල්ලීමක්

- Advertisement -

චීනයෙන් කාබනික පොහොර ගෙන්වීම අත්හිටුවා නොමැති බව කෘෂිකර්ම අමාත්‍යවරයගේ මාධ්‍ය ලේකම්වරයා නිවේදනය කර සිටිනවා.

අහිතකර බැක්ටීරියා හමුවූ පොහොර නිපදවන චීන සමාගමෙන් පොහොර ගෙන්වීම අත්හිටවූ නමුත් චීනයෙන් කාබනික පොහොර ගෙන්වීම නතර කළ බවට මින් පෙර කළ නිවේදනය නිවැරදි නොවන බැවින් මෙලෙස නිවැරදි කිරීමක් සිදුකරන බවයි ඔහු පවසන්නේ.

අදාල නිවේදනය පහතින්.

හදිසි නිවැරදි කීරිමයි

“චීනයෙන් කාබනික පොහොර ආනයනය නතර කරන බවට කෘෂිකර්ම අමති කියයි” යන සිරස්තලය යටතේ අප විසින් යොමු කර ඇති මාධ්‍ය නිවෙිදනයේ සදහන් වන්නේ චීනයේ සමාගමක් විසින් එවා ඇති සාම්පල්වල  අහිතකර  බැක්ටීරියාවන් ඇති බව පරීක්ෂණ වලදී තහවුරු වී ඇති බැවින් එම සමාගමෙන් කාබනික පොහොර ආනයනය නොකරන බවය.

එ අනුව චිනයෙන් කාබනික පොහාර ආනයනය නතර කීරිමට රජය තින්දුවක් ගෙන නොමැති බවද එවැනි ප්‍රකාශයක් කෘෂිකර්ම අමාත්‍යවරයා සිදු කර නැති බවද මෙහිලා සදහන් කරන අතර අප ගේ මාධ්‍ය නිවේදනයේ චිනයෙන් පොහොර ආනයනය නතර කරන බවට සදහන් වැකිය චීන සමාගමෙන් පොහොර ආනයනය නතර කරන බවට කෘෂිකර්ම අමති කියයි යනුවෙන් නිවැරදි විය යුතු බවද කාරුණිකව දන්වමි

මේ නිසා ඔබට යම් අපහසුතාවක් සිදු වුයේ නම් බෙහෙවින් කණගාටු වෙමි.

ජයසූරිය උඩුකුඹුර
ගරු අමාත්‍යතුමාගේ මාධ්‍ය ලේකම්

ඊයේ නිකුත් කළ නිවේදනය පහතින්,

May be an image of text

RECENT ARTICLES - SINHALA

මැලේසියාවේ KFC ශාඛා කිහිපයක් හදිසියේ වසා දැමේ

ගාසා තීරයට එරෙහි ඊශ්‍රායලයේ යුද්ධයට එක්සත් ජනපදය දක්වන සහයෝගයට එරෙහිව දියත් කර ඇති වර්ජන ව්‍යාපාරයට මේ වන විට මාසයක පමණ කල් ගත වී තිබෙනවා....

සහල් දීමනාව නොදුන්නැයි කාන්තාවක් ග්‍රාම නිලධාරිනියට ගහලා

රජය මගින් ලබා දෙන සහල් නොදුන්නැයි උරණවූ කාන්තාවක් කළ පහරදීමකින් ග්‍රාම නිලධාරීවරියක් රෝහල් ගතකර ඇති බව පොලිසිය පවසනවා. මෙසේ රෝහල් ගත කර ඇත්තේ, පනාපිටිය දකුණ...

ඇල්ල – කරඳගොල්ල ගැන අලුත් අනාවරණයක්

උමා ඔයේ බලපෑමක් හේතුවෙන් ඇල්ල, කරඳගොල්ල ප්‍රදේශයෙන් නාය යෑමේ තත්ත්වය සක්‍රීය වී නොමැති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා දෙපාර්තමේන්තුවේ සම්මානිත මහාචාර්ය අතුල සේනාරත්න මහතා...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...