31 C
Colombo
Wednesday, May 1, 2024

බැසිල් නිදොස් කොට නිදහස්

- Advertisement -

හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් හතර දෙනෙකු නිදොස් කොට නිදහස් කරන ලෙස කොළඹ මහාධිකරණය අද (30) නියෝග කර ඇති බව වාර්තා වේ.

2015 වසරේ පැවැත්වූ ජනාධිපතිවරණය සමයේ දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් අරමුදල්වලින් රුපියල් මිලියන 2992 කට අධික මුදලක් වැය කර දිවිනැගුම සහනාධාරලාභීන්ට නිවාස ආධාර ලබා දීම තුළින් රජයේ අරමුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි ඔවුන්ට චෝදනා එල්ල වී තිබුණි. 

කොළඹ මහාධිකරණ විනිසුරු ආර්. ගුරුසිංහ මහතා මෙම තීන්දුව ප්‍රකාශයට පත්කර ඇත.

මෙම නඩුවේ විත්තිකරුවන් ලෙස නම් කර සිටි ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ හිටපු ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක, දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් කිත්සිරි රණවක සහ එම දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් බන්දුල තිලකසිරි යන මහත්වරුන් ද මෙසේ නිදොස් කොට නිදහස් කිරීමට නියෝග කෙරුණි.

RECENT ARTICLES - SINHALA

බොරු කියා අස්වැසුම ගත් අය සොයන්න විශේෂ වැඩපිළිවෙලක්

අසත්‍ය තොරතුරු ලබා දී අස්වැසුම ප්‍රතිලාභ ලබා ගන්නා පුද්ගලයන් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසනවා. එහි සභාපති...

වාහන ආනයනය ගැන විශේෂ අනාවරණයක්

පසුගිය වසර කිහිපය තුළ ලංකාවට වාහන ආනයනය කිරීමේදී ගෙන්වා ඇති වාහනවලින් 85%ක් පමණ භාවිත කළ වාහන බව වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසනවා. මෙරටට වාහන ආනයනය කිරීම...

නව වීසා ක්‍රමවේදයේ ගැටලු විසඳන්න දවසක්

නව වීසා ක්‍රමවේදයේ ගැටලු විසඳීම සඳහා මැයි 7 වන දින කටයුතු කරන බව සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසනවා ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාත්මක...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

සජබේ වේදිකාවක් නිසා කොළඹ කොටුවේ දැඩි රථවාහන තදබදයක්

හෙට (01) දින යෙදී ඇති මැයි දිනයට සමගාමීව සමඟි ජන බලවේගය විසින් සංවිධානය කර ඇති උත්සවයක වේදිකාවක් තැනීම සඳහා කොළඹ චැතම් වීදියේ, ටෙලිකොම් ආයතනය...

පැදුරු පාටිය ඉල්ලා ASP නඩු මඟට?

TNL රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ “ASP පැදුරු පාටිය” නැමති වැඩසටහනේ විකාශන කටයුතු හදිසියේ නැවතීම සම්බන්ධයෙන් TNL සහ Supreme මාධ්‍ය ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා...