28 C
Colombo
Tuesday, May 21, 2024

බොරු කියා අස්වැසුම ගත් අය සොයන්න විශේෂ වැඩපිළිවෙලක්

- Advertisement -

අසත්‍ය තොරතුරු ලබා දී අස්වැසුම ප්‍රතිලාභ ලබා ගන්නා පුද්ගලයන් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසනවා.

එහි සභාපති ජයන්ත විජේරත්න මහතා පවසන්නේ ඊට අදාළ චක්‍රලේඛය සියලු දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත නිකුත් කර ඇති බවයි.

ප්‍රතිලාභ ලබාගැනීම සම්බන්ධයෙන් ලබා දී ඇති තොරතුරු සම්පූර්ණයෙන්ම හෝ කොටසක් හෝ අසත්‍ය බවට අනාවරණය වුවහොත් 2002 අංක 24 දරණ සුබසාධක ප්‍රතිලාභ මණ්ඩල පනත අනුව කටයුතු කරන බවද සභාපතිවරයා සඳහන් කරනවා.

අසත්‍ය තොරතුරු ලබා දී ඇති බව අනාවරණය වුවහොත් අදාළ තැනැත්තා ලැයිස්තුවෙන් ඉවත් කිරීම, දැනට ලබා ගන්නේ නම් ප්‍රතිලාභ අත්හිටුවීම,ඒවා නැවත අය කර ගැනීම යනාදී ක්‍රියාමාර්ගවලට එළඹෙන බවද සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති ජයන්ත විජේරත්න මහතා වැඩිදුරටත් සඳහන් කළා.

RECENT ARTICLES - SINHALA

උද්ධමනයේ ඉහළ යෑමක්

ජාතික පාරිභෝගික මිල දර්ශකයට (NCPI) අනුව මෙරට ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය 2024 මාර්තු මාසයේ දී වාර්තා වූ 2.5% සිට 2024 අප්‍රේල් මාසයේ දී 2.7% ක්...

ඉන්දියාවේ ආරක්ෂාවට හානි වෙන්න අපි ඉඩ තියන්නේ නැහැ – අලි සබ්රි

වගකීම් සහගත අසල්වැසි රටක් වශයෙන්  ශ්‍රී ලංකාව, ඉන්දියාවේ ජාතික ආරක්ෂාවට හානි කිරීමට ඉඩ නොතබන බව විදේශ අමාත්‍ය අලී සබ්රි මහතා පවසා තිබෙනවා. ඉන්දීය ප්‍රවෘත්ති නාලිකාවක්...

බන්ධනාගාර නිලධාරීන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ග අවසන්

බන්ධනාගාර නිලධාරීන් විසින් ගෙන ගිය වෘත්තීය ක්‍රියාමාර්ගය අවසන් කිරීමට පියවර ගෙන ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් ගාමිණි බී. දිසානායක මහතා පවසනවා. රුපියල් 25,000ක...

POPULAR ARTICLES

ඩයනා අතුරුදන්

ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර, විදෙස් ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සම්බන්ධ නඩුවේ සැකකාරියක් වශයෙන් හිටපු රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ නම් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන්...

ඉන්දියාවෙන් ලංකාවට එන අලුත්ම පෙට්‍රල් වර්ගය

Indian Oil සමාගම ඉතිහාසයේ පළමු වරට ඔක්ටේන් 100 සුපිරි වර්ගයේ පෙට්‍රල් තොගයක් ශ්‍රී ලංකාවට අපනයනය කර ඇති බවට වාර්තා වනවා. පසුගිය මැයි 18 වනදා මුම්බායේ...

ඉරාන ජනපති තවමත් අතුරුදහන්. හෙලිකොප්ටරයේ සුන්බුන් බවට සැක කෙරෙන තාප ප්‍රභවයක් හඳුනාගෙන

Update:ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි ගමන් ගත් හෙලිකොප්ටර් යානය කඩා වැටුණු ස්ථානය ගවේෂණ කණ්ඩායම් විසින් සොයාගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ තවත් නොබෝ වෙලාවකින් එම කණ්ඩායම...