31 C
Colombo
Tuesday, April 30, 2024

ළමුන් සම්බන්ධ නඩු විභාගයට නව අධිකරණයක්

- Advertisement -

දරුවන් සම්බන්ධ නඩු විභාග කිරීම සඳහා විශේෂ අධිකරණයක් ස්ථාපිත කිරීමට අවශ්‍ය කටයුතු සැලසුම් කරමින් සිටින බව අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා පවසනවා.

ඔහු වැඩිදුරටත් පැවසුවේ ළමුන් සම්බන්ධ නඩු කඩිනමින් විභාග කිරීම එහි අපෙක්ෂාව වන බවයි.

එසේම දරුවන් සම්බන්ධ නීතී රැසක් සංශෝධනය කිරීමට ද පියවර ගනිමින් සිටින බව අධිකරණ අමාත්‍යවරයා පවසනවා.

“අපි විවිධ පාර්ශවයන් එකතු කරගෙන දරුවන් සම්බන්ධයෙන් පවතින නීතිමය තත්ත්වය වැඩිදියුණු කිරීමට කටයුතු කරනවා.  එමඟින් අපි බලාපොරොත්තු වෙන්නේ දරුවන් සම්බන්ධයෙන් පවතින නඩු වඩා ප්‍රගතිශීලි පරිසරයක දරුවන්ටම වෙන්වු උසාවියක සිට සාක්ෂි දීමේ ක්‍රමවේදයක්, ඒ නඩු හඳුනාගෙන ඉක්මනින් ඉවර කිරීමේ ක්‍රමවේදයක් සකස් කිරීමටයි. පොදුවේ ලංකාව තුළ දරුවන් සම්බන්ධයෙන් වු නීතියේ විශාල ප්‍රතිසංස්කරණ රාශියක් සිදුකරගෙන යනවා. අවුරුදු 18ට වඩා අඩු ළමයින්ට මරණ දඬුවම දීම අපි නීතියෙන් වෙනස් කරලා තියෙනවා.ඒ ඇරුණම ළමා විවාහ සම්පූර්ණයෙන්ම මේ රටේ තුරන් කිරීම සඳහා අදාළ නීති ප්‍රතිසංස්කරණ ගෙන යමින් පවතිනවා.” යැයි ඔහු සඳහන් කළා.

RECENT ARTICLES - SINHALA

රතුපස්වල තීන්දුව අද

පිරිසිදු ජලය ඉල්ලා උද්ඝෝෂණය කළ ගම්පහ රතුපස්වල ප්‍රදේශවාසීන්ට වෙඩි තබා පුද්ගලයින් තිදෙනෙකු ඝාතනය කර තවත් 45 දෙනෙකුට තුවාල කිරීම සම්බන්ධයෙන් යුද හමුදා බ්‍රිගේඩියර්වරයෙකුට සහ...

පාඨලී CID යට

එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා මීට සුළුවෙලාවකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණ තිබෙනවා. රත්නපුර ප්‍රදේශයේ පැවති පක්ෂ රැස්වීමක දී...

අරක්කු සමාගමේ ලොක්කෙක්ට කෝටි 135ක ඇපයක්

කඩුවෙල - රන්දෙණිගල ඩිස්ටිලරීස් මත්පැන් නිෂ්පාදන සමාගමේ ඝනකාධිකාරීවරයා රුපියල් කෝටි 135ක ශරීර ඇපයක් මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඉළංගසිංහ මහතා ඊයේ (29)...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

පොලිසියේ පස්දෙනෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

කන්තලේ භාරතීපුරම් ගම්මානයේදී මීට වසර 26කට පෙර නිරායුධ දෙමළ සිවිල් වැසියන් අටදෙනෙකු භාරතීපුරම් පොලිස් ස්ථානයට රැගෙන විත් සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබා මරා දමන...

විස්සයි විස්ස ක්‍රිකට් ඉතිහාසය අලුත් කළ පන්ජාබ් කිංග්ස්

පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් ඉතිහාසයේ ඉහළම ලකුණු හඹා යෑමේ වාර්තාව පන්ජාබ් කිංග්ස් කණ්ඩායම තමන් සතු කර ගත්තා. ඒ, ඉන්දීය ප්‍රිමියර් ලීග් පන්දුවාර විස්සයි විස්ස...