28 C
Colombo
Sunday, May 5, 2024

මම සුදුලූණු වංචාවට සම්බන්ධයි නම්, සැණින් ඉල්ලා අස්වෙනවා

- Advertisement -

සුදු ලූනු වංචාවට තමා සම්බන්ධ බවට ඔප්පුකළහොත් සිය දේශපාලන දිවියෙන් සමුගන්නා බව වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

ඒ, ඊයේ (02) කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

සතොස සුදු ලූනු වංචාව සම්බන්ධයෙන් තමා සම්බන්ධ බවට පාරිභෝගික කටයුතු අධිකාරියට දේශපාලන පත්වීමක් ලැබූ තැනැත්තෙක් ඉතා විශාල අභූත චෝදනාවක් එල්ල කර ඇති බව අමාත්‍යවරයා පවසනවා.

එබැවින් තමන්ගේ විෂය පථයේ කරුණු හැර වෙනත් කිසිදු කරුණක් වෙනුවෙන් අදාල පරීක්ෂණය අවසන් වෙන තෙක් කිසිවක් ප්‍රකාශ කිරීමට නොහැකි තත්ත්වයක් නිර්මාණය වී ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

“මට අද වෙනකල් සාධාරණයක් ඉටුවෙලා නෑ. දැනට වංචාවට සම්බන්ධ අය පෑලියගොඩ පොලීසිය මඟින් පරීක්ෂණවලට ගෙනියලා සමහරු බන්ධනාගාර ගත කරලා ඇප දීලා තියෙනවා. යම් කිසි ආකාරයකින් නූල් පොටකින් හරි, හොරකමකට, වංචාවකට, දුෂණයකට හෝ අක්‍රමිකතාවයකට සුදු ලූනු වංචාවට මම සම්බන්ධ යැයි ඔප්පු කළොත්.ඒ සැණින් මම පාර්ලිමේන්තු මන්ත්‍රීධූරයෙන් හා අමාත්‍යධූරයෙන් ඉවත්වන අතර, සදහට ම ලාංකීය දේශපාලනයට සමුගැනීම මගේ බලාපොරොත්තුවයි.”

RECENT ARTICLES - SINHALA

2022 සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කෙරේ

2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල ඊයේ (04) රාත්‍රී නිකුත් කර තිබෙනවා. විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, නැවත සමීක්ෂණය සඳහා අයදුම්කරුවන්...

මැලේසියාවේ KFC ශාඛා කිහිපයක් හදිසියේ වසා දැමේ

ගාසා තීරයට එරෙහි ඊශ්‍රායලයේ යුද්ධයට එක්සත් ජනපදය දක්වන සහයෝගයට එරෙහිව දියත් කර ඇති වර්ජන ව්‍යාපාරයට මේ වන විට මාසයක පමණ කල් ගත වී තිබෙනවා....

සහල් දීමනාව නොදුන්නැයි කාන්තාවක් ග්‍රාම නිලධාරිනියට ගහලා

රජය මගින් ලබා දෙන සහල් නොදුන්නැයි උරණවූ කාන්තාවක් කළ පහරදීමකින් ග්‍රාම නිලධාරීවරියක් රෝහල් ගතකර ඇති බව පොලිසිය පවසනවා. මෙසේ රෝහල් ගත කර ඇත්තේ, පනාපිටිය දකුණ...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...