ෆේස්බුක් සමාගමට අයත් සියලු සමාජ ජාලා බිඳවැටී තිබෙනවා.
එලෙස බිඳ වැටී ඇත්තේ ඉන්ස්ටග්‍රැම්, වට්ස්ඇප්, ෆේස්බුක් සහ ෆේස්බුක් මැසෙන්ජර් ජාලයි.
බ්‍රිතාන්‍යය සම්මත වේලාවෙන් 16.44 ට මෙම බිඳ වැටීම පළමුව වාර්තා වී තිබෙනවා.
ලොව පුරා පරිශිලකයන් මෙම බිඳවැටීම අත්විඳින බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා.
ට්විටර් ඔස්සේ සටහනක් තබමින් ෆේස්බුක් සමාගමේ සන්නිවේදන විධායක ඇන්ඩි ස්ටෝන් පැවසුවේ සියල්ල යථා තත්ත්වයට පත්කිරීම සඳහා කටයුතු කරමින් සිටින බවයි.
සිදුවූ අපහසුතාවයට ලොව පුරා පරිශිලකයන්ට සිය කණගාටුව පල කරන බවද ඔහු වැවැඩිදුරටත් පවසා තිබුණා.