28 C
Colombo
Friday, May 3, 2024

ලොහාන් ගැන පැමිණිලි කළ රැඳවියන්ට ආරක්ෂාව දෙන්න – ශ්‍රේෂ්ඨාධිකරණය

- Advertisement -

රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතාට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනුකර ඇති බන්ධනාගාර රැඳවියන් 08 දෙනාට ප්‍රමාණවත් ආරක්ෂාවක් ලබාදෙන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (05) නියෝග කර සිටියා.

බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට සහ අනුරාධපුර බන්ධනාගාර අධිකාරීවරයා වෙත මෙම නියෝගය නිකුත් කෙරුණා.

අදාල පෙත්සම අද අගවිනිසුරු ජයන්ත ජයසූරිය, මුර්දු ප්‍රනාන්දු සහ එස් තුරෙයිරාජා යන සාමාජිකයන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවා තිබූ අවස්ථාවේදී අධිකරණය විසින් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට සහ අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයා වෙත මෙම නියෝගය නිකුත් කළා.

ඉකුත් 12 වනදා අනුරාධපුර බන්ධනාගාරයට පැමිණි රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා විසින් පූබාලසිංහම් සූරියපාලන් නමැති රැඳවියාව දණගස්වා හිසට පිස්තෝලයක් එල්ල කර මරණ තර්ජනය කර ඇති බවට චෝදනා කරන අදාල රැඳවියා ඇතුළු රැඳවියන් 08 දෙනෙකු විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබෙනවා.

අනුරාධපුර බන්ධනාගාරයේ ආරක්ෂාව ප්‍රමාණවත් නොවන බැවින් තමාව යාපනය බන්ධනාගාරය වෙත මාරුකර යවන ලෙසට පෙත්සම්කරුවන් සිදුකර තිබූ ඉල්ලීම සලකා බැලීමෙන් අනතුරුව, රැඳවියන්ගේ ආරක්ෂාව තර කරන ලෙසට අධිකරණය නියෝග කර සිටියා.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා, අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහතා, බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා, අනුරාධපුර බන්ධනාගාර අධිකාරි එච්.ආර්. අජිත් මහතා, නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම්කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

හෙටින් ඇරඹේන පාසල් නිවාඩුව

රජයේ අනුමත සිංහල, දෙමළ සහ මුස්ලිම් පාසල්වල 2024 පළමු පාසල් වාරයේ දෙවන අදියර හෙටින් (03) අවසන් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව පළමු වාරයේ...

බස් ගාස්තු සංශෝධනය වීමක් නැහැ

ඉන්ධන මිල අඩු වුවත් බස් ගාස්තු සංශෝධනයක් සිදු නොකරන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම කොමිෂන් සභාව පැවසුවේ පසුගිය 30...

අපිත් රැළිය පාරේ ගත්තනම් සෙනඟ පෙන්නන්න තිබුණා-නාමල්

මැයි රැළිය පැවැත්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණද මහා මාර්ගයක් තෝරා ගත්තා නම් සෙනඟ පෙන්වීමට හැකියාව තිබූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා. ශ්‍රී ලංකා...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

පැදුරු පාටිය ඉල්ලා ASP නඩු මඟට?

TNL රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ “ASP පැදුරු පාටිය” නැමති වැඩසටහනේ විකාශන කටයුතු හදිසියේ නැවතීම සම්බන්ධයෙන් TNL සහ Supreme මාධ්‍ය ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා...