33 C
Colombo
Saturday, May 4, 2024

පැන්ඩෝරා පත්‍රිකා හේතුවෙන් ගෙදර යන්නැයි ඉම්රාන්ටත් බලපෑම්

- Advertisement -

ධුරයෙන් ඉල්ලා අස්වැන්නැයි පකිස්තාන විපක්ෂයේ ප්‍රධාන පක්ෂය වන මුස්ලිම් ලීගය අගමැති ඉම්රාන් ඛාන්ට අ‍වධාරණය කර තිබේ.

මුස්ලිම් ලීගයේ මහලේකම් අසන් ඉක්බාල් මේ බව සදහන් කර ඇත්තේ ලොව පුරා දූෂණ වංචාවන්ට සම්බන්ධ තොරතුරු හෙළිකළ පැන්ඩෝරා පත්‍රිකා මගින් අගමැති ඉම්රාන් ඛාන්ට සබදතා ඇති සිදුවීමක් ද දක්වා තිබීම හේතුවෙනි.

අගමැති ඉම්රාන් ඛාන්ගේ නම අදාළ දූෂණ සිදුවීම්වලට ගෑවි තිබීම හේතුවෙන් ඔහුට තවදුරටත් එම දුරයේ රැදී සිටීමට සදාචාරමය අයිතියක් නැති බව පකිස්තාන විපක්ෂයේ මතය වී තිබේ.

අගමැති ඉම්රාන් ඛාන්ට අමතරව ඔහුගේ ආණ්ඩුවේ මුදල් අමාත්‍ය ෂාකුට් අහමඩ් සහ පවුලේ සාමාජිකයන් මෙන්ම ආණ්ඩුවට සම්බන්ධ තවත් විශාල පිරිසකගේ නම් මෙම පැන්ඩෝරා පත්‍රිකාවල සදහන් වන බව පකිස්තාන විපක්ෂය පෙන්වා දී තිබේ.

විවිධ තරාතිරම්වල අයථා ගනුදෙනුවලට සම්බන්ධ පකිස්තාන ජාතිකයන් 700 කගේ පමණ නම් මෙම පත්‍රිකාවල ඇතුළත්වන බව විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වේ.

RECENT ARTICLES - SINHALA

කාදිනල් හිමිගෙන් ගෝඨාට ආයෙත් බැණුම්

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක නොකර හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ආරම්භ කළ පාස්කු ප්‍රහාරය යටගැසීමේ පිළිවෙත වත්මන් ආණ්ඩුව ඊටත්...

මාවුස්සාකැලේ ජලාශයට යටවූ නටඹුන් යළි මතු වෙයි (වීඩියෝ)

මධ්‍යම කඳුකරයට පවතින අධික වියළි කාලගුණයත් සමග කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල ජල ධාරිතාව සිඝ්‍රයෙන් පහල බසිමින් පවතින බව එම ජලාශයන් භාර ඉංජිනේරුවන් පවසනවා. පවතින අධික...

දෝලාවෙන් විශ්‍රාම ගිය විදුහල්පතිනිය

0
වව්නියාව, පුදුකුලම ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පතිනිය විශ්‍රාමයාම නිමිත්තෙන් ඇයට ප්‍රණාම දැක්වීමේ උළෙලක් එම විද්‍යාලයේදී සංවිධානය කර තිබුණා. එහිදී දරුවන්, දෙමව්පියන් සහ ගුරුවරුන් එක්වී විදුහල්පතිනියව දෝලාවකින් රැගෙන...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...