32 C
Colombo
Monday, April 29, 2024

පකිස්තාන පැන්ඩෝරා ලැයිස්තුවෙත් ප්‍රබල නම් රැසක්

- Advertisement -

රටවල් දෙසීයක පමණ විවිධ තරාතිරම්වල පුද්ගලයන් විසින් සිදුකර ඇති අයථා ඉපයීම් පිළිබද කරුණු හෙළිකර ඇති පැන්ඩෝරා පත්‍රිකා මගින් පකිස්තාන ජාතිකයන් 700 ක් පිළිබද කරැණු අනාවරණය කර ඇතැයි එරට මාධ්‍ය වාර්තා කර තිබේ.

අගමැති ඉම්රාන් ඛාන් සම්බන්ධ සිදුවීමක්, ඔහුගේ ආණ්ඩුවේ මුදල් අමාත්‍ය ෂාකුද් තරීන් සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්, සෙනට් සභික ෆයිසාල් වවුඩා ඇතුළු අයගේ නම් ඒ අතර වන බව ඩෝව්න් පුවත් සේවය වාර්තා කර ඇත.

මෙම පිරිසට අමතරව, මාධ්‍ය හිමිකරුවන්, ජ්‍යෙෂ්ඨ හමුදා ප්‍රධානීන් රැසකගේ පවුල්වල සාමාජිකයන් මෙන්ම එරට ප්‍රබල ව්‍යාපාරිකයන් රැසකගේ නම් ද මෙහි ඇතුළත් වන බව සදහන් වේ.

මේ අතර පකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් සදහන් කර ඇත්තේ මේ සම්බන්ධයෙන් විධිමත් ලෙස කරුණු සොයාබැලීමට තමන් විසින් විශේෂ ඒකකයක් ස්ථාපිත කරන බවයි.

කෙසේවෙතත් අගමැති ඉම්රාන් ඛාන්ගේ මෙම ප්‍රකාශය හාස්‍යයට ලක් කර ඇති එරට විපක්ෂය මෙය මීට පෙර ද දූෂණ වංචා පිළිබද සෙවීමට පත් කර ඇති වෙනත් ඒකක මෙන් ඵල රහිත බවට චෝදනා නගා තිබේ.

RECENT ARTICLES - SINHALA

මෙරට ශ්‍රම බලකාය ගැන අනාවරණයක්

පසුගිය වසරේ දී මෙරට ශ්‍රම බළකාය පහත ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත්කළ නවතම වාර්තාවකින් පෙන්නුම් කර තිබෙනවා. ඒ අනුව 2022 වසරේ දී...

ගුරු අධ්‍යාපනඥ සේවා නිලධාරීන් අද වර්ජනයක

වැටුප් විෂමතා ගැටලුවට විසඳුම් ඉල්ලා වෘත්තීය සමිති ක්‍රියාර්ගයකට එළැඹීමට තීරණය කළ බව සමස්ත ලංකා ගුරු අධ්‍යාපනඥ සේවා නිලධාරීන්ගේ සංගමය පවසනවා.  එහි ලේකම් ධම්මික මිරිහාන මහතා...

හත්දහසකට හිමිවු පොදු සමාව

නිවාඩු ලබා නොගෙන සේවයට වාර්තා නොකර සිටින යුද හමුදා සාමාජිකයින් 7,000කට අධික පිරිසක් පොදු සමා කාලයේ පළමු සතිය තුළ ඉවත් කර තිබෙනවා. අප්‍රේල් මස 20...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

පොලිසියේ පස්දෙනෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

කන්තලේ භාරතීපුරම් ගම්මානයේදී මීට වසර 26කට පෙර නිරායුධ දෙමළ සිවිල් වැසියන් අටදෙනෙකු භාරතීපුරම් පොලිස් ස්ථානයට රැගෙන විත් සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබා මරා දමන...

රනිල් අවුරුදු කුමාරියන්ට තෑගි දෙන්න ගිහිල්ලා

මැද කොළඹ - සුදුවැල්ල බක්මහ උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වී තිබෙනවා. මෙම වාර්ෂික බක්මහ උළෙල සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත්...