27 C
Colombo
Friday, May 3, 2024

කෝලිගේ IPL නායකත්වය පරාජයකින්ම කෙළවර වෙයි

- Advertisement -

මෙවර IPL ශූරතාවය හිමිකර ගැනීමට විරාත් කෝලි ප්‍රමුඛ රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමට තිබු සිහිනය ඊයේ රාත්‍රීයේ සාජාහිදී බොදව ගියා.

ඒ කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායම සමග පැවති තරගය කඩුළු 04කින් පරාජය වීමත් සමගයි.

එම පරාජයත් සමග විරාත් කෝලිගේ IPL නායකත්වයටත් පරාජයකින්ම තිත තැබුණේ කෝලි මෙම තරග වාරයෙන් පසු තවදුරටත් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ නායකත්වය නොදරන බව මින් ප්‍රකාශ කිරීමත් සමගයි.

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දෙවන අවසන් පූර්ව සදහා සුදුසුකම් ලැබීම වෙනුවෙන් ඊයේ රාත්‍රීයේ සාජාහිදී මෙම Eliminator තරගය පැවැත්වුණා.

තරගයේ කාසිය වාසිය හිමිකරගත් බැංගලෝර් නායක විරාට් කෝලි පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා.

ඒ අනුව පිටියට පිවිසි රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ පළමු කඩුල්ලේ සම්බන්ධතාවය ලකුණු 49කට සීමා වුණා. පළමු කඩුල්ල ලෙසින් ලකුණු 21ක් රැස් කරගෙන සිටි දේව්දත් පඩික්කාල් ලුකේ ෆගසන් විසින් ක්‍රීඩාගාරයට හරවා යවනු ලැබු අතර සුනිල් නාරයන්ගේ පන්දුවක් හමුවේ ශ්‍රීකර් භාරත් දැවිගියේ ලකුණු 09කටයි. බැංගලෝර් ඉනීමේ වැඩිම ලකුණු ලාභියා වූ නායක විරාට් කෝලි පන්දු 33කදී හතරේ පහර 5ක් සමගින් ලකුණු 39ක් රැස්කොට සිටියදී දවාගැනීමට සුනිල් නරායන්ට හැකිවුණා.

නැවත වරක් ක්‍රියාත්මක වූ සුනිල් නරායන් මැදපෙල සුපිරි පිතිකරු යුගලය වූ ග්ලෙන් මැක්ස්වෙල් ලකුණු 15කටත් ඒ බී ඩිවිලියස් ලකුණු 11කටත් ක්‍රීඩාගාරයට හරවා යැවුවා. ඒ අනුව නියමිත පන්දුවාර විස්ස තුළදී කඩුලු 7ක් දැවී බැංගලෝර් කණ්ඩායම රැස්කළේ ලකුණු 138ක් පමණි. විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ සුනිල් නරායන් ලකුණු 21කට දවාගත් කඩුළු සංඛ්‍යාව 4ක්

ලකුණු 139ක ජයග්‍රාහී ඉලක්කයක් හඹායාමට පිටියට පිවිසි කොල්කටා නයිට්රයිඩර්ස් ඉනීමට ලකුණු 41ක් එක්වන විට ආරම්භක පිතිකරු ශුබ්මන් ගිල් ලකුණු 29කට දවාගැනීමට හර්ෂල් පටෙල් සමත් වුණා. රාහුල් ත්‍රිපාති ලකුණු 6ක් රැස්කොට සිටියදී දවාගැනීමට යුෂ්වේන්ද්‍රන් චහල්ට හැකිවූ අතර වෙන්කටේෂ් අයියර්ට ලබාගැනීමට හැකිවූයේ ලකුණු 26ක් පමණයි.කෙසේ වෙතත් පන්දුවෙන් දස්කම් පෑ සුනිල් නරායන් මෙවර පිත්තෙන්ද දස්කම් පෑමට සමත් වූ අතර ඩැනියල් ක්‍රිස්ටියන් යොමුකළ 12වන පන්දුවාරයේදී හයේ පහර 3ක් එල්ල කිරීමට ඔහු සමත් වුණා.

සුනිල් නරායන් ලකුණු 26ක් රැස්කක අතර නිතිෂ් රනා ලබාගත් ලකුණු සංඛ්‍යාව 23ක්. අවසන් පන්දුවාරයේදී ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 7ක් අවශ්‍ය වූ අතර පන්දු 4කදී එය කරා ලගාවීමට කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායම සමත් වුණා. රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම වෙනුවෙන් පන්දු යැවීමේදි මොහොමඩ් සිරාජ්, යුෂ්වේන්ද්‍රන් චහල් හා හර්ෂාල් පටෙල් අතර කඩුළු 2ක බැගින් බෙදී ගියා.

රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් : 138-7
විරාට් කෝලි 39(33), දේව්දත් පඩික්කාල් 21(18)
සුනිල් නරායන් 4/21, ලොකී ෆර්ගසන් 2/30

කොල්කටා නයිට්රයිඩර්ස් : 139-6
ශුබ්මන් ගිල් 29(18), සුනිල් නරායන් 26(15)
යුෂ්වේන්ද්‍රන් චහල් 

ඒ අනුව ජයග්‍රාහී කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායම හෙට (13) දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සමග දෙවන අවසන් පුර්ව තරගයට එක්වීමට නියමිතයි.

RECENT ARTICLES - SINHALA

හෙටින් ඇරඹේන පාසල් නිවාඩුව

රජයේ අනුමත සිංහල, දෙමළ සහ මුස්ලිම් පාසල්වල 2024 පළමු පාසල් වාරයේ දෙවන අදියර හෙටින් (03) අවසන් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව පළමු වාරයේ...

බස් ගාස්තු සංශෝධනය වීමක් නැහැ

ඉන්ධන මිල අඩු වුවත් බස් ගාස්තු සංශෝධනයක් සිදු නොකරන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම කොමිෂන් සභාව පැවසුවේ පසුගිය 30...

අපිත් රැළිය පාරේ ගත්තනම් සෙනඟ පෙන්නන්න තිබුණා-නාමල්

මැයි රැළිය පැවැත්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණද මහා මාර්ගයක් තෝරා ගත්තා නම් සෙනඟ පෙන්වීමට හැකියාව තිබූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා. ශ්‍රී ලංකා...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

පැදුරු පාටිය ඉල්ලා ASP නඩු මඟට?

TNL රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ “ASP පැදුරු පාටිය” නැමති වැඩසටහනේ විකාශන කටයුතු හදිසියේ නැවතීම සම්බන්ධයෙන් TNL සහ Supreme මාධ්‍ය ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා...