31 C
Colombo
Saturday, May 4, 2024

ග්‍රෑන්ඩ් හයට් ව්‍යාපෘතියේ සිදු වූ අක්‍රමිකතා සොයා බැලීමට කමිටුවක්

- Advertisement -

ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව, සේවක අර්ථසාධක අරමුදල සහ ලිට්‍රො ගෑස් ලංකා ලිමිටඩ් යන ආයතනවල හිමිකාරිත්වය පවතින සිනො ලංකා පුද්ගලික සමාගම යටතේ ග්‍රෑන්ඩ් හයාට් හෝටල් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ.

ඉදිකිරීම් කටයුතු නිම කර මෙම හෝටලයේ ව්‍යාපාර කටයුතු 2016 වර්ෂයේ පළමු කාර්තුවේදී සිදු කිරීමට සැලසුම් කර තිබුණි.එහෙත්, 2015 වර්ෂයේ ජනාධිපතිවරණයෙන් පසුව පත් කරන ලද සිනො ලංකා පුද්ගලික සමාගමේ නව අධ්‍යක්ෂ මණ්ඩලය විසින් පෙර පැවති රජය විසින් අත්සන් කරන ලද බොහොමයක් ගිවිසුම් කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව අවලංගු කර එම වැඩ කොටස් සඳහා නව කොන්ත්‍රාත්කරුවන් සමඟ ගිවිසුම්වලට එළඹ ඇත.

ඒ හේතුවෙන් ඇතැම් ආයතන විසින් අධිකරණමය ක්‍රියාමාර්ග වෙත යොමු වී ඇති අතර රුපියල් බිලියන 1.8කට ආසන්න මුදලක් සිනො ලංකා පුද්ගලික සමාගම විසින් වන්දි වශයෙන් ගෙවිය යුතු බවට තීරණය වී ඇත.

මූලික සැලසුම් අනුව රුපියල් බිලියන 30ක ඇස්තමේන්තුගත පිරිවැයකින් නිම කිරීමට තිබූ මෙම ව්‍යාපෘතියේ වර්තමාන පිරිවැය රුපියල් බිලියන 60ක් පමණ වනු ඇති බවට නැවත ඇස්තමේන්තුගත කර ඇත.සිනො ලංකා පුද්ගලික සමාගමේ පසුගිය පාලන අධිකාරිය විසින් සිදු කර ඇති අක්‍රමිකතා හේතුවෙන් එම තත්ත්වය පැන නැගී ඇති බව පෙනී යන බැවින් එමඟින් රජයට මූල්‍ය පාඩුවක් සිදු වී ඇත්ද යන්න පිළිබඳව පරීක්ෂා කර බලා නිර්දේශ ඉදිරිපත් කිරීම පිණිස කමිටුවක් පත් කිරීම සඳහා මුදල් අමාත්‍ය වශයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

RECENT ARTICLES - SINHALA

ඇල්ල – කරඳගොල්ල ගැන අලුත් අනාවරණයක්

උමා ඔයේ බලපෑමක් හේතුවෙන් ඇල්ල, කරඳගොල්ල ප්‍රදේශයෙන් නාය යෑමේ තත්ත්වය සක්‍රීය වී නොමැති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා දෙපාර්තමේන්තුවේ සම්මානිත මහාචාර්ය අතුල සේනාරත්න මහතා...

පොහොට්ටුවේ උප නගරාධිපතිට මත්ද්‍රව්‍ය ලබාදුන් කාන්තාවක් අත්අඩංගුවට

පසුගිය දින සීදූව කටුනායක ප්‍රදේශයේ හිටපු උප නගරාධිපතිවරයෙක් වන ලලිත් රොහාන් සිල්වා නැමැති පුද්ගලයා බඩල්ගම පොලිසිය විසින් පසුගිය දින හෙරොයින් සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට...

හෙට උණුසුම ගැන නිවේදනයක්

හෙට (05) දිනයේ උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් අද (04) කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. එම නිවේදනයේ දැක්වෙන්නේ හෙට දිනයේ උතුරු, උතුරුමැද,...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...