25 C
Colombo
Monday, April 29, 2024

පිටකොටුවේ භූමිතෙල් ලිප් අලෙවිය ඉහළට – වෙළෙඳුන් (වීඩියෝ)

- Advertisement -

ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල අසාමාන්‍ය ලෙස ඉහළ දැමීමත් සමඟ පිටකොටුව ඇතුළු ජනාකීර්ණ නගරවල වෙළඳසැල්වලින් භූමිතෙල් ලිප් මිලදී ගැනීම ඉහළ ගොස් ඇති බවට තොරතුරු වාර්තා වනවා.

මේ වන විට පවත්නා ඉල්ලුමත් සමඟ එම ලිප්වල මිල ගණන්ද ඉහළ දමා ඇති බවටයි පාරිභෝගිකයින් චෝදනා කරන්නේ.

පිටකොටුව එක්සත් ජාතික ස්වයං රැකියා වෙළඳ ව්‍යාපාරිකයින්ගේ සංගමයේ සභාපති ප්‍රදීප් චාර්ල්ස් මහතා පවසන්නේ ගෑස් මිල ඉහළ දැමීමත් සමග භූමිතෙල් ලිප් මිලදී ගැනීමට පාරිභෝගිකයින් පෙළඹී ඇති බවයි.

මේ හේතුවෙන් එම ලිප් සඳහා පවතින ඉල්ලුම ඉහළ ගොස් ඇති බවත්, එමෙන්ම විදුලි උදුන්ද වැඩියෙන් අලෙවි වන බවත් ඔහු පවසනවා.

මේ අතර මේ වන විට අන්තර්ජාලය ඔස්සේ දර මිටි අලෙවි කිරීමේ ව්‍යාපාරිකයන්ද බිහිවී තිබෙනවා.

රුපියල් 100 සිට අලෙවි වන මෙම දරමිටි අන්තර්ජාලය ඔස්සේ ඇණවුම් කළ පසුව ඕනෑම ස්ථානයකට ප්‍රවාහනය කරන බවට එම දැන්වීම්වල සදහන් කර ඇති බව දැකිය හැකියි.

RECENT ARTICLES - SINHALA

නිදහස් පක්ෂය නිදහස් වෙලා

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානය අද (29) පෙරවරුවේ පොලිස් ස්ථානීය පරික්ෂණ නිලධාරීන් විසින් විමර්ශන කටයුතු සඳහා විවෘත කරනු ලැබ තිබෙනවා. වැදගත් ලිපිගොනු කිහිපයක් අස්ථානගතවීම හේතුවෙන්...

ෆවුසිට නොතිසි

0
හිටපු ආපදා කළමනාකරණ අමාත්‍ය ඒ. එච්. එම්. ෆවුසි මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව මැයි මස 22 වනදා දක්වා කල්තැබීමට කොළඹ මහාධිකරණය...

මෙරට ශ්‍රම බලකාය ගැන අනාවරණයක්

පසුගිය වසරේ දී මෙරට ශ්‍රම බළකාය පහත ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත්කළ නවතම වාර්තාවකින් පෙන්නුම් කර තිබෙනවා. ඒ අනුව 2022 වසරේ දී...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

පොලිසියේ පස්දෙනෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

කන්තලේ භාරතීපුරම් ගම්මානයේදී මීට වසර 26කට පෙර නිරායුධ දෙමළ සිවිල් වැසියන් අටදෙනෙකු භාරතීපුරම් පොලිස් ස්ථානයට රැගෙන විත් සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබා මරා දමන...

රනිල් අවුරුදු කුමාරියන්ට තෑගි දෙන්න ගිහිල්ලා

මැද කොළඹ - සුදුවැල්ල බක්මහ උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වී තිබෙනවා. මෙම වාර්ෂික බක්මහ උළෙල සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත්...