26 C
Colombo
Tuesday, May 7, 2024

රෝහිත රාජපක්ෂ මට අභියෝගයක් නෙවෙයි – දයාසිරි

- Advertisement -

වයඹ පළාතේ ජීවත්වන තමන්ට ඉදිරි වයඹ මහඇමති සටනේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ බාල පුත් රෝහිත රාජපක්ෂ මහතා අභියෝගයක් නොවන බව බතික්, අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසනවා.

රෝහිත රාජපක්ෂ මහතා කුරුණෑගලින් ඉදිරි මැතිවරණයට ඉදිරිපත්වීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඊයේ (13) කුරුණෑගල පැවති රැස්වීමකින් අනතුරුව දයාසිරි ජයසේකර මහතා මෙම අදහස් පලකළා.

වයඹ පළාතේ ඉපදුන තමන්ට එදා මෙන්ම අදත් වයඹ ජනතාව සලකන බවත් ඉදිරි මැතිවරණයේදීද එය එලෙසම සිදුවනු ඇති බවත් දයාසිරි ජයසේකර මහතා පවසනවා.

මෙහිදී පොහොර ගැටළුව සම්බන්ධයෙන්ද අදහස් දක්වමින් දයාසිරි ජයසේකර මහතා පැවසුවේ කාබනික පොහොර ගැටළුවට ඉක්මනින් විසදුමක් ලබානොදෙන්නේ නම් එය ජනාධිපතිවරයාව මෙන්ම ආණ්ඩුවද විනාශ කර දමන ප්‍රශ්නයක් බවට පත්වනු ඇති බවයි.


RECENT ARTICLES - SINHALA

කුලියාපිටියේ තරුණයා අතුරුදන් වීමේ සිදුවීමේ ප්‍රධාන සැකකරුට ඇප

කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචි තරුණයෙකු අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළ ප්‍රධාන සැකකරු අද (06) සිය නීතිඥයින් මාර්ගයෙන් අධිකරණය වෙත භාරවී තිබෙනවා. එහිදී කුලියාපිටිය මහෙස්ත්‍රාත් රන්දික ලක්මාල් මහතා...

චන්ග්ගෙන් T-20 කුසලානයට යන අපේ කණ්ඩායමට සුභ පැතුම්

එක්සත් ජනපදයේ සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත්වල පැවැත් වීමට නියමිත විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානය සඳහා ක්‍රීඩා කිරීමට නියමිත ශ්‍රී ලංකා මූලික ක්‍රිකට් සංචිතය...

සජිත්ගෙන් ටිරාන්ට ප්‍රශ්න හතක්

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා වී එෆ් එස් ග්ලෝබල් ආයතනය සම්බන්ධයෙන් අද (06) පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී පළ කළ අදහස්වලට ප්‍රතිචාර දක්වමින් විපක්ෂ නායක...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

සජබ මැයි රැලියට ‍කැලණියෙන් ‍ෆොන්සේකාට අමතරව තවත් පිලක් ඇවිත්

සමගි ජන බලවේගයට කැලණිය නියෝජනය කරමින් කණ්ඩායම් දෙකක් සහභාගි වී තිබෙන බවට වාර්තා වනවා. එහි පක්ෂ අභ්‍යන්තරයේ පවතින ගැටුමක් හේතුවෙන් එම මැයි රැලියට කැලණියේ බැනරය...