27.2 C
Colombo
Saturday, April 27, 2024

මංගල උත්සව වලට අද සිට අවසර

- Advertisement -

සෞඛ්‍ය අමාත්‍යංශය විසින් නිකුත් කළ නව සෞඛ්‍ය මාර්ගෝපදේශ අද (16) දින සිට බලපැවැත්වෙනවා.

ඊට අනුව, විවාහ මංගල උත්සව පැවැත්වීමේදී ශාලා තුලට ඇතුලත් කර ගත හැක්කේ එම ශාලාවේ සමස්ත ධාරිතාවෙන් 25%ක පුද්ගලයින් සංඛ්‍යාවකට පමණයි.

කෙසේ නමුත් එහි උපරිමය පුද්ගලයින් 50කට සීමා වියයුතු බවයි එහි දැක්වෙන්නේ.

එමෙන්ම, සෞඛ්‍ය අංශ විසින් එළිමහන් මංගල උත්සව දිරි ගන්වන අතර, ඒ සඳහා පුද්ගලයින් 75 දෙනෙකුට සහභාගී වීමට ඉඩ ලබාදී තිබෙනවා.

කොරෝනා නොවන අවමංගල්‍ය උත්සව සඳහා ඕනෑම වේලාවක සිටිය හැක්කේ උපරිම පුද්ගලයින් 20 දෙනෙකු පමණයි. එමෙන්ම, මළ සිරුර ‍රෝහලෙන් මුදාහැරීමෙන් අනතුරුව පැය 24ක් තුළ අවසන් කටයුතු සිදු කිරීම අනිවාර්‍ය වනවා.

මීට අමතරව, සිනමා ශාලා සියයට 25ක ආසන ධාරිතාවයකින් යුක්තව විවෘත කිරීමට අවසර ලබා දී ඇති අතර, එය ක්‍රියාත්මක වන්නේ ලබන 21 වැනි දා සිටයි.

ව්‍යායාම ශාලා 30%ක ධාරිතාවකින් විවෘත කල හැකි අතර සිටිය හැකි උපරිම පුද්ගලයන් සංඛ්‍යාව 10ක්.

පන්සල් , පල්ලි, කෝවිල් වැනි පූජනීය ස්ථානවල සාමූහික ක්‍රියාකාරකම් හෝ රැස්වීම් පැවැත්වීමට අවසර නොමැති අතර උපකාරක පන්ති පැවැත්වීමටද තවදුරටත් අවසර නැහැ.

RECENT ARTICLES - SINHALA

නිලධාරි හිඟයෙන් විගණනයත් කොටඋඩ

නිලධාරීන්ගේ උග්‍ර හිඟයෙන් ජාතික විගණන කාර්යාලයේ විගණන විමර්ශනවලට දැඩි බලපෑම් මතුව තිබෙන බව වාර්තා වනවා. විගණන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 2400ක් සිටිය යුතු තැන දැනට සිටින්නේ 1400ක් බවයි වාර්තා වන්නේ....

විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්යමණ්ඩලවල වැටුප් විෂමතා ගැන තීරණයක්

රාජ්‍ය විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්යමණ්ඩලවල වැටුප් විෂමතාවය ඉවත් කිරීම හා දීමනා සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ලද අමාත්‍ය මණ්ඩල සංදේශ අමාත්‍ය අනුකමිටුවට ඉදිරිපත් කිරීමට නියමිත බව අධ්‍යාපන...

ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ලොක්කෙක් නිකුත් කළ ලිපියක් එළියට

ඖෂධ නියාමන අධිකාරියේ හිටපු විධායක අධ්‍යක්ෂවරයා සහ එම අධ්‍යක්ෂ මණ්ඩලය පසුගිය කාලසීමාව තුළ ගෙන්වූ ඖෂධ සම්බන්ධයෙන් වගකීමක් නොදරන බවට ලිපියක් නිකුත් කර ඇති බව...

POPULAR ARTICLES

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

විද්‍යාපීඨ නව බඳවා ගැනීම් ගැන සුසිල්ගෙන් දැනුම් දිමක්

විද්‍යාපීඨ නව බඳවා ගැනීම් සඳහා 60,000ක් ඉල්ලුම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා. එහි කටයුතු ලබන සතිය වන විට අරඹන බවත් විද්‍යාපීඨ...