33 C
Colombo
Saturday, May 4, 2024

චීනාගේ කසල පොහොර නැව බාන්න ඉඩදෙන්නේ නෑ..!

- Advertisement -

කැසට් ගසන ආකාරයට ගැසට් ගසන ආණ්ඩුව විසින් පත්තර අච්චු ගසන ආකාරයට මුදල් අච්චු ගසමින්ද සිටින බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පවසනවා.

එහි ප්‍රතිඵලයක් ලෙසට අත්‍යාවශ්‍ය භාණ්ඩ ගණනාවක මිල ඉහළ ගොස් ඇති බවයි ඔහු පවසන්නේ.

එමෙන්ම, එලැඹෙන කන්නයේ වගා කටයුතු සිදු කරන්නේදැයි ගොවීන් දෙගිඩියාවෙන් සිටින බවත් රජය ආනායනය කර ඇත්තේ වගාව ආරම්භයේ යෙදිය යුතු පොහොර නොව අතර මැදදී යෙදිය යුතු පොහොර බවත් ඔහු පවසනවා.

පසුගියදා ශාක නිරෝධායන මධ්‍යස්ථානයෙන් ප්‍රතික්ෂේප කරන ලද චීන පොහොර නැවත රටට ගෙන ඒමේ සූදානමක් තිබෙන අතර දැනටමත් එම පොහොර නැව සිංගප්පුරුවේ සිට මෙරට බල පැමිණෙමින් තිබෙන බවත් චීන බලපෑමට යටත්ව එය ගොඩබෑමේ සැලැස්මක් තිබෙන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පවසනවා.

එම කසල පොහොර මෙරට ගොවි බිම්වලට දැමීමට ඉඩ නොදෙන ලෙස ගොවියන්ට බලකර සිටින බවත් එම කසල පොහොර මෙරටට ඇතුල්කිරීම වැලැක්වීම සඳහා කළ යුතු කැපකිරීමද කරන බවත් මන්ත්‍රීවරයා අවධාරණය කර සිටිනවා.

RECENT ARTICLES - SINHALA

අමාත්‍යංශ දෙකක විෂය පථ වෙනස් කරමින් ගැසට් නිවේදනයක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අමාත්‍යංශ දෙකක විෂය පථ වෙනස් කරමින් අති විශේෂ ගැසට්‌ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 44 වැනි ව්‍යවස්ථාව යටතේ ඔහුට...

මෙරට සමස්ත ජනගහනය පහළට

ශ්‍රී ලංකාවේ ජනගහනය 144,000කින් පමණ පහළ ගොස් ඇතැයි මහ බැංකු වාර්තාවක සඳහන් වන බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය...

හිටපු පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දුගේ කාලයේ මහජන පැමිණිලි විමර්ශන 43%කින් පහළට

ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත් කරන ලද හිටපු පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු මහතාගේ සභාපතිත්වයෙන් යුත් පොලිස් කොමිසම පැවැති කාලසීමාවේ දී මහජන පැමිණිලි විමර්ශන ප්‍රගතිය 70%...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...