26 C
Colombo
Monday, April 29, 2024

මහර බන්ධනාගාරයේ තත්ත්වය දැන් සම්පූර්ණයෙන්ම සාමකාමියි- කමල් ගුණරත්න

- Advertisement -

පසුගියදා නොසන්සුන්කාරී තත්වයක් ඇතිවූ මහර බන්ධනාගාරයේ තත්ත්වය දැන් සම්පූර්ණයෙන්ම සාමකාමි බව ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා අද (01) පාර්ලිමේන්තුවේදී අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා කළ විමසීමකට පිළිතුරු දෙමින් කියා සිටියේය.

අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා මේ පිළිබඳව විමසා සිටියේ ජාතික ආරක්ෂාව පිළිබඳව අමාත්‍යංශයීය උපදේශක කාරක සභාව රැස් වූ අවස්ථාවේදීය. මෙම උපදේශක කාරක සභාවට තිහකට අධික මන්ත්‍රීවරයන් පිරිසක් ද සහභාගීව සිටිනු දක්නට ලැබිණි.

මේ වන විට මහර බන්ධනාගාරයේ සිටින රැඳවියන් 2500 ක් අතරින් , කොවිඩ් 19 වෛරසය ආසාදිත රැඳවියන් 189 ක් හඳුනාගෙන ඇති බවත් ඔවුන්ට අවශ්‍ය පහසුකම් සැපයීමට කටයුතු කර ඇති අතර ඇප ලබා සිටින 100 කට ආසන්න රැදවියන් ද පී.සී.ආර්. පරීක්ෂණ වලට ලක් කර නිවෙස් බලා යැවීමට කටයුතු යොදා තිබෙන බවත් ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා පැවසීය.

මහර බන්ධනාගාරයේ ඖෂධ ගබඩාවේ ,මානසික ව්‍යාකූලතා සඳහා භාවිත කරන වර්ග තුනක ඖෂධ පෙති 21,000 ක් තිබී ඇති අතර රැඳවියන් තමන් ඇබ්බැහි වී සිටි මත්ද්‍රව්‍ය වෙනුවට එම ඖෂධ පාවිච්චි කිරීමෙන් මෙම නොසන්සුන්කාරී වාතාවරණය උද්ගත වන්නට ඇත්දැයි සොයා බලමින් තිබෙන බව ආරක්ෂක ලේකම්වරයා වැඩිදුරටත් අනාවරණය කළේය. හෙට (02) දිනය වනවිට මහර බන්ධනාගාරයේ රැඳවියන්ගේ සහ බන්ධනාගාර නියාමකයන්ගේ ආරක්ෂාව ඇතුළු අනෙකුත් සියලු ගැටලු සම්පූර්ණයෙන් නිරාකරණය කරන බවද ආරක්ෂක ලේකම්වරයා පාර්ලිමේන්තු මන්ත්‍රි සහන් ප්‍රදීප් මහතා කළ විමසීමකට පිළිතුරු ලබා දෙමින් පැවසීය.

මෙහිදී ජාතික ආරක්ෂාව පිළිබඳව අමාත්‍යංශයීය උපදේශක කාරක සභාවට පැමිණි සෙසු මන්ත්‍රීවරුන් විසින් සිය ප්‍රදේශයන්හි පවතින මත්ද්‍රව්‍ය ගැටලුව පිළිබඳව සභාපතිවරයාගේ අවධානයට යොමුකළ අතර ඒ සම්බන්ධයෙන් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවුවන් නිසිලෙස පුනරුත්ථාපනය ට වැඩපිළිවෙළක් යෙදීම අත්‍යවශ්‍ය බවද යෝජනා කෙරිණි .ඒ අවස්ථාවේදී පිළිතුරු දුන් ආරක්ෂක ලේකම්වරයා මේ වන විට මත්ද්‍රව්‍ය මර්දනය සඳහා දීපව්‍යාප්තව දැඩි ක්‍රියාමාර්ග ගෙන තිබෙන බවත් ,එහි ප්‍රතිඵලයක් ලෙස මේ දිනවල වෙළඳප‍ළේ මත්ද්‍රව්‍ය මිල ඉහළ මට්ටමක පවතින අතර එහි සංයුතිය ඉතා පහත මට්ටමකට වැටී ඇති බව පෙන්වා දුන්නේය.

ඊට අමතරව ,දීර්ඝකාලීනව මත්ද්‍රව්‍ය නිවාරණ වැඩපිළිවෙළක් ලෙස මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය සඳහා කන්දකාඩු මධ්‍යස්ථානය ට අමතරව අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලයේ සහයෝගයෙන් නිට්ටඹුව ප්‍රදේශයේ 1000 කට ,පල්ලන්සේන 600 කට, වීරවිල 2000 කට , ඇඹිලිපිටියේ තරුණ සේවා මධ්‍යස්ථානයේ 600 කට ද නේවාසික ව පුනරුත්ථාපනය විය හැකි ගොඩනැගිලි මේ වන විට කඩිනමින් සූදානම් කෙරෙමින් ඇති බව දැනුම් දුන්නේය. අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතාගේ ද සහයෝගයෙන් යුතුව විවෘත බන්ධනාගාර සංකල්පයද සහිතව මෙම වැඩපිළිවෙළ නුදුරේදීම දියත් කිරීමට නියමිත බව ආරක්ෂක ලේකම්වරයා විසින් වැඩිදුරටත් සදහන් කෙරිණී .

අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා සභාපතිත්වය දරන මෙම උපදේශක කාරක සභාව අද පාර්ලිමේන්තුවේ දී මන්ත්‍රීවරුන් රැසකගේ සහභාගීත්වයෙන් යුතුව පැවැත්වුණු අතර ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා ඇතුළු ආරක්ෂක අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන්ද ,යුද හමුදාව,නාවික හමුදාව සහ ශ්‍රී ලංකා පොලිසියේ ඉහළ නිලධාරීන්ද මේ සඳහා සහභාගි වූහ .


RECENT ARTICLES - SINHALA

මෙරට ශ්‍රම බලකාය ගැන අනාවරණයක්

පසුගිය වසරේ දී මෙරට ශ්‍රම බළකාය පහත ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත්කළ නවතම වාර්තාවකින් පෙන්නුම් කර තිබෙනවා. ඒ අනුව 2022 වසරේ දී...

ගුරු අධ්‍යාපනඥ සේවා නිලධාරීන් අද වර්ජනයක

වැටුප් විෂමතා ගැටලුවට විසඳුම් ඉල්ලා වෘත්තීය සමිති ක්‍රියාර්ගයකට එළැඹීමට තීරණය කළ බව සමස්ත ලංකා ගුරු අධ්‍යාපනඥ සේවා නිලධාරීන්ගේ සංගමය පවසනවා.  එහි ලේකම් ධම්මික මිරිහාන මහතා...

හත්දහසකට හිමිවු පොදු සමාව

නිවාඩු ලබා නොගෙන සේවයට වාර්තා නොකර සිටින යුද හමුදා සාමාජිකයින් 7,000කට අධික පිරිසක් පොදු සමා කාලයේ පළමු සතිය තුළ ඉවත් කර තිබෙනවා. අප්‍රේල් මස 20...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

පොලිසියේ පස්දෙනෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

කන්තලේ භාරතීපුරම් ගම්මානයේදී මීට වසර 26කට පෙර නිරායුධ දෙමළ සිවිල් වැසියන් අටදෙනෙකු භාරතීපුරම් පොලිස් ස්ථානයට රැගෙන විත් සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබා මරා දමන...

රනිල් අවුරුදු කුමාරියන්ට තෑගි දෙන්න ගිහිල්ලා

මැද කොළඹ - සුදුවැල්ල බක්මහ උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වී තිබෙනවා. මෙම වාර්ෂික බක්මහ උළෙල සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත්...