33 C
Colombo
Saturday, May 4, 2024

T 20 ලෝක කුසලාන තරඟාවලිය ඇරඹේ – ඕමානය හා ස්කොට්ලන්තය ලකුණු සටහනේ පෙරමුණට

- Advertisement -

T 20 ලෝක කුසලාන තරඟාවලිය ආරම්භ කරමින් පළමු තරඟය පැවැත්වුණේ බී කාණ්ඩයේ පැපුවා නිව්ගිනියා සහ ඕමාන කණ්ඩායම් අතරයි.

14 වන පන්දුවාරයේ හතරවන පන්දුවේදී කිසිවෙකු නොදැවී කඩුලු 10කින් තරගය ජයගත් ඕමානය ඉහළ දල ලකුණු වේගයක් සමග ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීම⁣ට සමත් වුණා.

එහිදී විශිෂ්ට පිතිහරඹයක නිරත වූ ජතින්ද්‍ර සිං සහ අකීබ් ඉල්යාස් ඕමාන ජයග්‍රහණය සහතික කළා. ජතින්ද්‍ර නොදැවී ලකුණු 53ක් සහ ඉල්යාස් නොදැවී ලකුණු 50ක් ලබා ගත්තා.

තරඟයේ පළමුව පන්දුවට පහර දුන් පැපුවා නිව් ගිනියා කණ්ඩායමේ පළමු කඩුලු දෙක ලකුණු 2ක් තුල දැවී ගියා. ඉන්පසු ඉනිම ගොඩ නැංවූ Assad Vala සහ Charles Amini පැපුවා කණ්ඩායමට යම් අස්වැසිල්ලක් ලබා දුන්නා. එහිදී Vala ලකුණු 56ක් ලබා ගත්තා. පන්දුවාර 14.1ක් වන විට ලකුණු 102ක⁣ට කඩුලු ⁣3ක් පමණක් දැවී තිබුණද ඊළඟ පන්දු 20 තුල ලකුණු 16ක⁣ට කඩුලු 6ක් බිඳ වැටුණා. ඒ අනුව නියමිත පන්දුවාර 20 තුළ පැපුවා නිව් ගිනියා කණ්ඩායම ලකුණු 129කට සීමා වුණා. එම ඉනිම සුනු විසුණු කළ සීෂාන් මක්සූඩ් ලකුණු 20කට කඩුලු 4ක් දවා ගත්තා.

බංග්ලාදේශය සමග පැවති බී කාණ්ඩයේ දෙවැනි තරඟය ලකුණු 6කින් ජයගැනීමට ස්කොට්ලන්තය සමත් වුණා.

තරඟයේ පළමුව පන්දුවට පහර දුන් ස්කොට්ලන්තය කඩුලු 9ක් දැවී ලකුණු 140ක් ලබා ගත්තා. එහිදී ක්‍රිස් ග්‍රීව්ස් ලකුණු 45ක් ලබා ගැනීම⁣ට සමත් වුණා. මෙහෙදි හසන් ලකුණු 19 ට කඩුලු 3ක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශයට නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 7ක් දැවී ලබා ගැනීමට හැකි වුයේ ලකුණු 134ක් පමණයි. මුෂ්ෆිකර් රහීම් ලකුණු 38යි. බ්‍රැඩ් වීල් ලකුණු 24ක⁣ට කඩුලු 3ක් දවා ගත්තා.

T20 ලෝක කුසලාන තරගාවලියේ ඒ කාණ්ඩයෙන් තරග වදින ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරඟය නැම්බියාව සමග අද (ඔක් 18 සඳුදා) පැවැත්වෙනවා. නෙදර්ලන්තය සහ අයර්ලන්තය අතර තරඟයත් අද පැවැත්වීමට නියමිතයි.

RECENT ARTICLES - SINHALA

කාදිනල් හිමිගෙන් ගෝඨාට ආයෙත් බැණුම්

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක නොකර හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ආරම්භ කළ පාස්කු ප්‍රහාරය යටගැසීමේ පිළිවෙත වත්මන් ආණ්ඩුව ඊටත්...

මාවුස්සාකැලේ ජලාශයට යටවූ නටඹුන් යළි මතු වෙයි (වීඩියෝ)

මධ්‍යම කඳුකරයට පවතින අධික වියළි කාලගුණයත් සමග කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල ජල ධාරිතාව සිඝ්‍රයෙන් පහල බසිමින් පවතින බව එම ජලාශයන් භාර ඉංජිනේරුවන් පවසනවා. පවතින අධික...

දෝලාවෙන් විශ්‍රාම ගිය විදුහල්පතිනිය

0
වව්නියාව, පුදුකුලම ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පතිනිය විශ්‍රාමයාම නිමිත්තෙන් ඇයට ප්‍රණාම දැක්වීමේ උළෙලක් එම විද්‍යාලයේදී සංවිධානය කර තිබුණා. එහිදී දරුවන්, දෙමව්පියන් සහ ගුරුවරුන් එක්වී විදුහල්පතිනියව දෝලාවකින් රැගෙන...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...