30 C
Colombo
Sunday, May 5, 2024

ගව ඝාතනයට තිත?

- Advertisement -

ගව ඝාතනය නතර කිරිමට අදාල පනත් සහ ආඥාපනත් 05ක් සංශෝධනය කර තිබෙනවා.

ඒ අනුව,

  • 272 අධිකාරය වන 1893 අංක 9 දරන ගව ඝාතක ආඥාපනත
  • 1958 අංක 29 දරන සත්ත්ව පනත
  • 252 අධිකාරය වන මහනගර සභා ආඥා පනත
  • 255 අධිකාරය වන මහනගර සභා ආඥා පනත
  • 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනත

යන පනත් / ආඥාපනත් සංශෝධනය කිරීමෙන් අනතුරුව එම කෙටුම්පත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධානයන්ට අනනුකූල නොවන බව නීතිපතිවරයා විසින් සහතික කර ඇති බවයි පැවසෙන්න්නේ.

ඒ අනුව, අදාල පනත් කෙටුම්පත් රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමට සහ පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරිමට අග්‍රමාත්‍යවරයා, රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයා සහ කෘෂි කර්මාන්ත ඇමතිවරයාගේ එකාබද්ධව ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාව සඳහා ඊයේ රැස්වූ කැබිනට් මණ්ඩලයේදී අනුමැතිය හිමිව ඇත.

දේශීය කෘෂිකර්මාන්තය සහ දේශීය කිරි නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා ගව ඝාතනය කිරිම තහනම් කිරීමටත්, ඊට අදාළ නීති සහ රෙගුලාසි මෙන්ම ගව ඝාතනයට අදාළව පළාත් පාලන ආයතන විසින් සම්මත කරන ලද අනු නීති සංශෝධනය කිරීමටත් 2020 සැප්තැම්බර් මස 28 වෙනිදා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය හිමිවිය.

RECENT ARTICLES - SINHALA

මැලේසියාවේ KFC ශාඛා කිහිපයක් හදිසියේ වසා දැමේ

ගාසා තීරයට එරෙහි ඊශ්‍රායලයේ යුද්ධයට එක්සත් ජනපදය දක්වන සහයෝගයට එරෙහිව දියත් කර ඇති වර්ජන ව්‍යාපාරයට මේ වන විට මාසයක පමණ කල් ගත වී තිබෙනවා....

සහල් දීමනාව නොදුන්නැයි කාන්තාවක් ග්‍රාම නිලධාරිනියට ගහලා

රජය මගින් ලබා දෙන සහල් නොදුන්නැයි උරණවූ කාන්තාවක් කළ පහරදීමකින් ග්‍රාම නිලධාරීවරියක් රෝහල් ගතකර ඇති බව පොලිසිය පවසනවා. මෙසේ රෝහල් ගත කර ඇත්තේ, පනාපිටිය දකුණ...

ඇල්ල – කරඳගොල්ල ගැන අලුත් අනාවරණයක්

උමා ඔයේ බලපෑමක් හේතුවෙන් ඇල්ල, කරඳගොල්ල ප්‍රදේශයෙන් නාය යෑමේ තත්ත්වය සක්‍රීය වී නොමැති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා දෙපාර්තමේන්තුවේ සම්මානිත මහාචාර්ය අතුල සේනාරත්න මහතා...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...