25 C
Colombo
Monday, April 29, 2024

ඇෆ්ගනිස්තානයේ දරුණු ඖෂධ හිඟයක් හටගැනීමේ අවදානමක්

- Advertisement -

ඇෆ්ගනිස්තානය තුළ දරුණු ඖෂධ හිඟයක් හටගැනීමේ අවදානමක් මතුව ඇතැයි එරට ඖෂධ අලෙවිසැල් හිමියන්ගේ සංගමය අනතුරු අගවා තිබේ.

එම සංගමයේ සාමාජික අසීස්වුල්ලා සෆීක් ටොලෝ නිවුස් සේවයට පවසා ඇත්තේ ඖෂධ රැගත් ට්‍රක් රථ 50 ක් පමණ රටට ඇතුළුවීමට අවසර නොමැතිව දේශසීමාවන්හි රැදී සිටින බවයි.


තලේබාන් පාලකයන් එම රථවලට රට තුළට ඇතුළුවීමට අවසර ලබා දී නැත්තේ කුමන හේතුවක් මත දැයි තමන් නොදන්නා බව ද ඔහු වැඩිදුරටත් සදහන් කර තිබිණ.

මෙම තත්වය තවත් දින කිහිපයක් ඉදිරියට පැවතුණහොත් ලබන මාසය වන විට ඇෆ්ගනිස්තානය පුරා දරුණු ඖෂධ හිගයක් හටගනු ඇති බව ඔහු සදහන් කළේය.

මේ අතර ඇෆ්ගනිස්තානයේ සිටින ඖෂධ නිෂ්පාදකයන් පවසන්නේ මෙම අවහිරය හේතුවෙන් තමන්ට ද ඖෂධ නිෂ්පාදනය සදහා අවශ්‍ය මූලික ද්‍රව්‍ය සපයා ගැනීමට නොහැකි වී ඇති බවයි.

RECENT ARTICLES - SINHALA

නිදහස් පක්ෂය නිදහස් වෙලා

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානය අද (29) පෙරවරුවේ පොලිස් ස්ථානීය පරික්ෂණ නිලධාරීන් විසින් විමර්ශන කටයුතු සඳහා විවෘත කරනු ලැබ තිබෙනවා. වැදගත් ලිපිගොනු කිහිපයක් අස්ථානගතවීම හේතුවෙන්...

ෆවුසිට නොතිසි

0
හිටපු ආපදා කළමනාකරණ අමාත්‍ය ඒ. එච්. එම්. ෆවුසි මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව මැයි මස 22 වනදා දක්වා කල්තැබීමට කොළඹ මහාධිකරණය...

මෙරට ශ්‍රම බලකාය ගැන අනාවරණයක්

පසුගිය වසරේ දී මෙරට ශ්‍රම බළකාය පහත ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත්කළ නවතම වාර්තාවකින් පෙන්නුම් කර තිබෙනවා. ඒ අනුව 2022 වසරේ දී...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

පොලිසියේ පස්දෙනෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

කන්තලේ භාරතීපුරම් ගම්මානයේදී මීට වසර 26කට පෙර නිරායුධ දෙමළ සිවිල් වැසියන් අටදෙනෙකු භාරතීපුරම් පොලිස් ස්ථානයට රැගෙන විත් සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබා මරා දමන...

රනිල් අවුරුදු කුමාරියන්ට තෑගි දෙන්න ගිහිල්ලා

මැද කොළඹ - සුදුවැල්ල බක්මහ උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වී තිබෙනවා. මෙම වාර්ෂික බක්මහ උළෙල සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත්...