32 C
Colombo
Saturday, May 4, 2024

අන්තර් පළාත් බස් ධාවනය සහ දුම්රිය ධාවනය පිළිබඳව ගත් තීරණය

- Advertisement -

සෞඛ්‍ය අමාත්‍යංශයෙන් මෙතෙක් අවසර නොලැබීම හේතුවෙන් අන්තර් පළාත් බස් ධාවනය ආරම්භ කිරීම තවදුරටත් ප්‍රමාද වනු ඇති බව වාහන නියාමනය, බස් රථ ප්‍රවාහන සේවා හා දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය සහ ප්‍රජා පොලිස් සේවා රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසනවා.

පළාත් සංචරණ සීමා පැවතුනද සීමිත බස් රථ සංඛ්‍යාවක් හෝ පළාත් අතර ධාවනය කිරීමට පියවර ගන්නා බව ඔහු මීට පෙර අවස්ථාවකදී පවසා සිටියා. ඒ අත්‍යවශ්‍ය සේවාවන් වලට අදාල පුද්ගලයන් ප්‍රවාහනය කරන ඇතැම් බස් රථ මගින් විශාල මුදලක් ඊට අයකරන බවට පැමිණිලි ලැබීම හේතුවෙන්.

කෙසේනමුත්, සෞඛ්‍ය සේවයේ නිර්දේශද සැලකිල්ලට ගෙන අන්තර් පළාත් බස් රථ ධාවනය ආරම්භ කිරීම තවදුරටත් කල් දැමීමටත් දුම්රිය ධාවනය ආරම්භ කිරීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීම කල් දැමීමටත් ප්‍රවාහන බලධාරීන් තීරණය කර ඇති බව රාජ්‍ය අමාත්‍යවරයා පවසා සිටියා.

RECENT ARTICLES - SINHALA

කීරි සම්බා වැඩි මිලට විකුණූ සමූපකාරයකට ලක්ෂ 5ක දඩයක්

කීරි සම්බා සහල් වැඩි මිලට අලෙවි කළ ගිනිගත්හේන විවිධ සේවා සමුපකාර සමිතියට රුපියල් ලක්ෂ පහක දඩයක් නියම කර තිබෙනවා. කීරි සම්බා සහල් වැඩි මිලට අලෙවි...

Fox Hill අනතුරේ වගකීම සංවිධායකයෝ භාරගත යුතුයි – SLRDA

පසුගිය 21 වැනිදා පැවති ෆොක්ස් හිල් තරඟාවලියේදී සිදුවූ මරණ සඳහා ශ්‍රී ලංකා ඔටෝමොබයිල් සංගමයේ සංවිධායකයින් වග කිවයුතු බව පවසමින් රේසිං ධාවකයින්ගේ සංගමය නිවේදනයක් නිකුත්...

හොර දොස්තරලා අල්ලන්න පොලීසියෙන් මෙහෙයුමක්

ව්‍යාජ ලෙස සහතික පෙන්වමින් වෛද්‍ය මධ්‍යස්ථාන පවත්වාගෙන යනු ලබන හොර වෛද්‍යවරුන් අල්ලන්න මෙහෙයුම් ක්‍රියාත්මක කරන බව පොලිස් මූලස්ථානය පවසනවා. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ පොලිස්පතිවරයා...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...