29 C
Colombo
Friday, May 3, 2024

කළු දිලීර රෝගය ආසාදිත පළමු මරණය වාර්තා වෙයි

- Advertisement -

කොවිඩ් නිව්මෝනියාව හා සම්බන්ධ කළු දිලීර රෝගය ආසාදිත පුද්ගලයෙකු මෙරට පළමු වරට කරාපිටිය ශික්ෂණ රෝහලේදී මියගොස් ඇති බව වාර්තා වනවා.

ඇල්පිටියේ පදිංචි 56 හැවිරිදි පුද්ගලයෙකු කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී පසුගිය සැප්තැම්බර් මස 29 වැනිදා එලෙස මියගොස් ඇති බවයි කරාපිටිය රෝහලේ අධිකරණ වෛද්‍ය විශේෂඥ රොහාන් පී. රුවන්පුර මහතා සඳහන් කළේ.

වැඩිදුර පරික්ෂණ සඳහා ඔහුගේ සිරුරු කොටස් රජයේ වෛද්‍ය පර්යේෂණායතනය වෙත යොමුකිරීමට පශ්චාත් මරණ පරික්ෂණය පැවැත්වූ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරි සමාධි දන්දෙණියආරච්චි මහත්මිය කටයුතු කර තිබේ.

මියගිය පුද්ගලයාගේ පෙණහලු ආශ්‍රිතව කළු දිලීර රෝගය වැළඳි ඇති බව තහවුරුවී ඇති බව ඊයේ නිකුත් කෙරුණු එම වාර්තාවට අනුව හෙළිවූ බව වෛද්‍ය පර්යේෂණායතනයේ දිලීර පිළිබඳ විශේෂඥ වෛද්‍ය ප්‍රිමාලි ජයසේකර මහත්මිය තහවුරු කර සිටිනවා.

කොවිඩ් නිව්මෝනියාව හා සම්බන්ධ සංකූලතා හේතුවෙන් කළු දිලීර රෝගීන් මීට පෙර හඳුනාගත්ත ද, කළු දිලීර හේතුවෙන් මෙරට සිදුවූ පළමු මරණය මෙය වන බවයි කරාපිටිය රෝහලේ අධිකරණ වෛද්‍ය විශේෂඥ රොහාන් පී. රුවන්පුර මහතා සඳහන් කළේ.

RECENT ARTICLES - SINHALA

හෙටින් ඇරඹේන පාසල් නිවාඩුව

රජයේ අනුමත සිංහල, දෙමළ සහ මුස්ලිම් පාසල්වල 2024 පළමු පාසල් වාරයේ දෙවන අදියර හෙටින් (03) අවසන් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව පළමු වාරයේ...

බස් ගාස්තු සංශෝධනය වීමක් නැහැ

ඉන්ධන මිල අඩු වුවත් බස් ගාස්තු සංශෝධනයක් සිදු නොකරන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම කොමිෂන් සභාව පැවසුවේ පසුගිය 30...

අපිත් රැළිය පාරේ ගත්තනම් සෙනඟ පෙන්නන්න තිබුණා-නාමල්

මැයි රැළිය පැවැත්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණද මහා මාර්ගයක් තෝරා ගත්තා නම් සෙනඟ පෙන්වීමට හැකියාව තිබූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා. ශ්‍රී ලංකා...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

පැදුරු පාටිය ඉල්ලා ASP නඩු මඟට?

TNL රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ “ASP පැදුරු පාටිය” නැමති වැඩසටහනේ විකාශන කටයුතු හදිසියේ නැවතීම සම්බන්ධයෙන් TNL සහ Supreme මාධ්‍ය ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා...