33 C
Colombo
Thursday, May 2, 2024

මානව හිමිකම් කඩකරන බවට රටවල් 41 කින් චීනයට චෝදනා පත්‍රයක්

- Advertisement -

චීනය විසින් ෂින්ජියෑන්ග් ප්‍රාන්තයේ උයිගුර් ප්‍රජාව ඇතුලු සුලුතර කණ්ඩායම්වල මානව හිමිකම් උල්ලංඝනය කරන බවට රටවල් 43 ක් විසින් චෝදනා නගා තිබේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජික රටවල් 43ක් විසින් ෂින්ජියෑන්ග් ප්‍රාන්තයේ අධ්‍යාපන කදවුරු ලෙස පවත්වාගෙන යන රැදවුම් කදවුරු සම්බන්ධයෙන් නිකුත් කළ වාර්තාවක් මගින් මේ චෝදනාව නගා ඇත.

මේ පසුබිම තුළ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබද මහ කොමසාරිස් කාර්යාලයට ෂින්ජියෑන්ග් ප්‍රාන්තයේ මානව හිමිකම් තත්වය පිළිබද ස්වාධීනව පරීක්ෂණයක් පැවැත්වීමට ඉඩ ලබාදිය යුතු බවට අදාළ රටවල් 43 නියෝජිතයෝ අවධාරණය කරති.

චීනය ෂින්ජියෑන්ග් ප්‍රාන්තයේ උයිගුර් සහ සෙසු මුස්ලිම් සම්භවයක් සහිත ජනතාව දැඩි මර්දනකාරී යාන්ත්‍රණයකට යටත් කර ඇති බවට දිගුකලක පටන් චෝදනා එල්ල වෙමින් තිබේ.

RECENT ARTICLES - SINHALA

කෝටියක අල්ලස් ගැනීමේ සිද්ධියට සැරයන්වරයෙක් අත්අඩංගුවට

කොල්ලුපිටිය ප්‍රදේශයේදී කෝටියක අල්ලස් මුදලක් ලබාගැනීමේ සිදුවීමට අදාළව පොලිස් සැරයන්වරයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පොලිස් වංචා විමර්ශන කාර්යාංශයට...

නීතිවේදීන් පහකට ජනාධිපති බහුමාන ප්‍රදානය කෙරේ

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ජ්‍යෙෂ්ඨ නීතිවේදීන් පස් දෙනකු සඳහා “ජ්‍යෙෂ්ඨ උපදේශන නීතීඥ” බහුමානය ප්‍රදානය කර තිබෙනවා. ආචාර්ය ජේ.එම්. ස්වාමිනාදන්, ඩී.එම්. ස්වාමිනාදන්, ජී.ජී. අරුල්ප්‍රගාසම්,...

තවත් පිරමීඩ ආයතන කිහිපයක් ගැන මහ බැංකුවෙන් නිවේදනයක්

තවත් තහනම් පිරමිඩ ආයතන කිහිපයක් පිළිබඳව මහ බැංකුව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. Beecoin App/Sunbird Foundation, Isimaga International (Pvt) Ltd, Fast Win (Pvt) Ltd, Ledger...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

පැදුරු පාටිය ඉල්ලා ASP නඩු මඟට?

TNL රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ “ASP පැදුරු පාටිය” නැමති වැඩසටහනේ විකාශන කටයුතු හදිසියේ නැවතීම සම්බන්ධයෙන් TNL සහ Supreme මාධ්‍ය ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා...