26 C
Colombo
Thursday, May 9, 2024

තරුණයෙකුට පහරදී වැඩ පෙන්නූ පොලිස් ලොක්කා (වීඩියෝ)

- Advertisement -

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු වන රන්මල් කොඩිතුවක්කු විසින් රත්නපුර කිරිඇල්ල මාර්ගයේදී පුද්ගලයෙකුට පහරදෙන වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍යවල ප්‍රචාරය වෙමින් පවතී.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා එම අවස්ථාවේ බීමත්ව සිටි බවක් පෙනෙන්නට තිබූ බව එම වීඩියෝවේ පුද්ගලයෙකු පවසයි.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා මෝටර් රථයක් පසුපස හඹාවිත් එය නතරකර එම රථයේ සිටි තරුණයෙකුට පහරදෙනු දක්නට ලැබෙන අතර තරුණයා එම රථයේ සිට ඇත්තේ සිය මව සමගයි.

රන්මල් කොඩිකුවක්කු මීට පෙර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයකු වශයෙන් සිටියදීද මාධ්‍යවේදියෙකුට මෙවැනිම ආකාරයේ පහරදීමක් සිදුකර තිබිණ.

මොහුට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු ලෙස උසස්වීම ලැබුනේ පසුගිය ජූනි මස 17වනදායි. ඔහුගේ පියා වන ලකී කොඩිතුවක්කු මීට පෙර පොලිස්පතිවරයෙකු ලෙස කටයුතු කර ඇත.


RECENT ARTICLES - SINHALA

දේශපාලකයන්ට සංවර්ධන වැඩ තහනම් වන ලකුණු

ඉදිරියේදී ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය පැවැත්වීමට නියමිත බැවින් ප්‍රාදේශීය සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී දේශපාලන නියෝජිතයන් සම්බන්ධ කර නොගන්නා ලෙස මැතිවරණ කොමිසම රජයට දන්වා තිබෙන...

කුලි හමුදා ජාවාමේ යෙදුන හමුදාවේ දෙදෙනෙක් මාට්ටු

රුසියානු-යුක්රේන් යුද්ධය සදහා මෙරට විශ්‍රාමික හමුදා නිලධාරින් කුලී හේවායන් ලෙස එරටට යවා මිනිස් ජාවාරම් කිරීමේ මහ මොළකරු බව පැවසෙන හිටපු මේජර් ජනරාල්වරයෙක් සහ ඔහුට...

පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඇතුළු 3ක් අත්අඩංගුවට

රුපියල් ලක්ෂ 2 ක අල්ලස් මුදලක් ගත් බව පැවසෙන කොට්ටාව පොලිස් ස්ථානයේ හදිසි ඇමතුම් (119) ඒකකයට අනුයුක්තව සේවය කළ සැරයන්වරයකු සහ කොස්තාපල්වරයකු ඇතුළු තිදෙනෙක්...

POPULAR ARTICLES

වාහන ආනයන බලපත්‍ර හිමිවන රාජ්‍ය සේවකයින් මෙන්න

වයස අවුරුදු 60 සම්පුර්ණවීමෙන් පසුව විශ්‍රාම ගිය ජේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ අධිකරණ ජේෂ්ඨ නිලධාරීන් සඳහා තීරුබදු සහන සහිත වාහන ආනයන බලපත්‍ර ලබාදීමට රජය තීරණය...

ලිට්‍රෝ ගෑස් ලොකු වැඩකට අත ගහලා

නව ගෑස් පිරවුම් පර්යන්තයක් හෙට (08) දිනයේ කඩුවෙල – මාබිම ප්‍රදේශයේ දී විවෘත කරන බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. එම සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා...

හෙද සේවය ඇතුළු සෞඛ්‍ය සේවාවල විශ්‍රාම වයස් සීමාවේ වෙනසක්

හෙද කාර්ය මණ්ඩලයේ ඇතුළු ඇතැම් සෞඛ්‍ය සේවාවල විශ්‍රාම යාමේ වයස අවුරුදු 61 දක්වා දිර්ඝ කරන ලෙස ඉල්ලා අමාත්‍ය මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළ බව...