30 C
Colombo
Thursday, May 2, 2024

වරාය, ඉන්ධන, තැපැල්, ප්‍රවාහන සහ රජයේ බැංකු අත්‍යවශ්‍ය සේවා කරමින් ජනාධිපතිවරයාගෙන් තවත් ගැසට් එකක්

- Advertisement -

වරාය, ඉන්ධන, තැපැල්, ප්‍රවාහන සහ රජයේ බැංකු ඇතුළු ආයතන කිහිපයක් අත්‍යවශ්‍ය සේවා බවට පත්කරමින් ජනාධිපතිවරයාගේ අණ පරිදි ජනාධිපති ලේකම්වරයා විසින් ඊයේ (29) රාත්‍රියේ අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ගැසට් නිවේදනයේ සදහන් වන්නේ ජන ජීවිතයට අත්‍යවශ්‍ය අදාළ සේවාවන් බාධාවකින් තොරව පවත්වාගෙන යාම එහි අරමුණ බවයි.

එම ගැසට් නිවේදනයට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් කොවිඩ් නිවරණය සම්බන්ධයෙන් නිකුත් කර ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශයන්හි සඳහන් වන කරුණු ද සැළකිල්ලට ගෙන තිබෙනවා.

ඒ අනුව අදාළ සේවාවන්ට අදාළ රාජ්‍ය සංස්ථා, රජයේ දෙපාර්තමේන්තු, පළාත්පාලන ආයතන සහ රාජ්‍ය බැංකු ලංකා සතොස ඇතුලු ජනතාවට පාරිභෝගික ද්‍රව්‍ය සැපයීම සදහාවන සේවාවන් ආදිය අත්‍යවශ්‍ය සේවාවන් බවට පත්වනවා.

ග්‍රාම නිළධාරින්, සමෘද්ධි සංවර්ධන නිළධාරින් සහ කෘෂි පර්යේෂණ සහකාර ඇතුලු ක්ෂේත්‍ර මට්ටමේ නිළධාරින්ගේ සේවාවන්ද අත්‍යවශ්‍ය සේවාවන් බවට පත්වනු ඇති.

එමෙන්ම වරාය අධිකාරියට අදාළ සේවාවන් හා නැව්වලින් ඉන්ධන බැහැර කිරීම, ප්‍රවාහනය, ගොඩබෑමට අදාළ සියලුම සේවාවන්, පෙට්‍රෝලියම් නිෂ්පාදන හා ද්‍රව වායු ඇතුලු සියලුම ඉන්ධන සැපයුම් හා බෙදාහැරීමේ කටයුතු, දුම්රිය භාණ්ඩ ප්‍රවාහන කටයුතු සහ ගමනාගමන මණ්ඩලය මගින් සිදුකරන පොදු ප්‍රවාහන සේවාවන් ද මෙලෙස අත්‍යවශ්‍ය සේවාවන්ට ඇතුළත් කර තිබෙනවා.

කෙසේ වෙතත් කෙරවළපිටිය යුගදනවි බලාගාරය ඇමරිකානු සමාගමකට පැවරීමේ ගිවිසුම ඉල්ලා අස්කර නොගතහොත් නොවැම්බර් 03 වැනිදායින් පසු රටම අදුරේ තබන බවට ලංකා විදුලිබල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානය මීට පෙර පවසා තිබුණා.

එම සන්ධානයේ කැඳවුම්කරු රංජන් ජයලාල් පැවසුවේ ලබන 3 වැනිදායින් පස්සේ මුළු රටම අඳුරේ තබන වැඩ වර්ජනයකට යොමු වන බවයි.


RECENT ARTICLES - SINHALA

කටුනායක සිදුවිමේ සමාගම ගැන ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයෙන් පැහැදිලි කිරිමක්

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ තුළ ඊයේ (01) ඇතිවූ තත්ත්වය ට සම්බන්ධ සමාගම සහ ඉන්දියාව අතර කිසිඳු සම්බන්ධයක් නොමැති බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස්...

ගෑස් මිලේ වෙනසක්?

ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල පහළ දැමීමට තීරණය කර ඇති බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. එම සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා සඳහන් කළේ අදාළ මිල ගණන්...

ඇමති විජේදාස ගැන අධිකරණය ගත් තීරණය

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපතිවරයා ලෙස අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පත් කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය විසින් පසුගියදා නිකුත් කළ වාරණ...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

පැදුරු පාටිය ඉල්ලා ASP නඩු මඟට?

TNL රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ “ASP පැදුරු පාටිය” නැමති වැඩසටහනේ විකාශන කටයුතු හදිසියේ නැවතීම සම්බන්ධයෙන් TNL සහ Supreme මාධ්‍ය ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා...