32 C
Colombo
Thursday, May 2, 2024

බ්‍රිතාන්‍ය ගුරුවරියකට ළමා ලිංගික අපයෝජන 18 කට චෝදනා එල්ලවෙයි

- Advertisement -

ළමා ලිංගික අපයෝජන වැරදි 18 ක් සහ දූෂණ චෝදනා දෙකක් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ප්‍රාථමික පාසල් ගුරුවරියක් අධිකරණයට ඉදිරිපත් වූ පුවතක් බ්‍රිතාන්‍යයෙන් වාර්තා වෙනවා.

හින්ඩ්ලි හි ඇන්ක්‍රොෆ්ට් ඩ්‍රයිව් හි 44 හැවිරිදි ජුලී මොරිස් බන්ධනාගාරයේ සිට වීඩියෝ සබැඳියක් ඔස්සේ ලිවර්පූල් ක්‍රවුන් උසාවියේ පෙනී සිටි හඩාවැටී කරුණු දක්වා තිබෙනවා.

ඇය විගන් හි ප්‍රාථමික පාසලක සේවය කළ නමුත් මෙම ලිංගික අපයෝජන චෝදනා ඇගේ රැකියාවට සම්බන්ධ නොමැති බවයි පැවසෙන්නේ.

ඇයගේ සම විත්තිකරු වන 52 හැවිරිදි ඩේවිඩ් මොරිස් වැරදි 34 ක් උසාවිය හමුවේ පිළිගෙන තිබෙනවා.

දූෂණ සිදුවීම් දෙකක්, අවුරුදු 13ට අඩු දරුවෙකු ලිංගික ක්‍රියාකාරකම්වල යෙදීම හෝ පොළඹවාලීමේ චෝදනා 9ක්, දරුවෙකුගේ අශෝභන ඡායාරූපයක් ගැනීම සම්බන්ධයෙන් චෝදනා තුනක් සහ දරුවෙකුගේ අශෝභන ඡායාරූප ළඟ තබාගැනීම සම්බන්ධයෙන් ගුරුවරිය වෙත චෝදනා එල්ල වී තිබෙනවා.

එමෙන්ම ළමයෙකු සමඟ ලිංගික සන්නිවේදනයේ යෙදීමේ එක් චෝදනාවක් සහ දරුවෙකු ඉදිරියේ ලිංගික ක්‍රියාකාරකම්වල යෙදීමේ චෝදනා දෙකක් ද ඇයට එල්ල වූ චෝදනා අතරට ඇතුළත් වෙනවා.

RECENT ARTICLES - SINHALA

විරෝධතාවයක් නිසා ලෝටස් පාර අවහිර වෙයි

විරෝධතාවයක් හේතුවෙන් මේ වන විට ලෝටස් පාර සම්පූර්ණයෙන්ම අවහිර වී තිබෙනවා. රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව විසින් මෙම විරෝධතාවය සංවිධානය කර තිබුණා. වැටුප් විෂමතා ඇතුළු වෘත්තීය...

අපේ මුහුදේ හොරෙන් මාලු අල්ලන්න ආපු ඉන්දීය ධීවරයින්ට ප්‍රහාරයක්

උතුරු මුහුදේ අනවසරයෙන් මසුන් මැරීමට ධීවර යාත්‍රාවකින් පැමිණෙමින් සිටි ඉන්දියාවේ නාගපටිනම්ප් ප්‍රදේශයේ ධීවරයින් පිරිසකට ඊයේ (01) රාත්‍රීයේ මුහුදු කොල්ලකරුවන්ගෙන් ප්‍රහාරයක් එල්ල වී තිබෙන බවට...

Onmax DT අධ්‍යක්ෂවරුන්ට අධිකරණයෙන් නියෝගයක්

Onmax DT පිරමීඩ ආයෝජන ක්‍රමයේ මුදල් ආයෝජනය කොට අගතියට පත්වී ඇති තැන්පත්කරුවන්ගේ මුදල් ආපසු ගෙවීමේ වැඩපිළිවෙලක් සකස් කර අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන...

POPULAR ARTICLES

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

පැදුරු පාටිය ඉල්ලා ASP නඩු මඟට?

TNL රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ “ASP පැදුරු පාටිය” නැමති වැඩසටහනේ විකාශන කටයුතු හදිසියේ නැවතීම සම්බන්ධයෙන් TNL සහ Supreme මාධ්‍ය ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා...