31 C
Colombo
Tuesday, April 30, 2024

ජනාධිපති කොමිසමට ඥාණසාර හිමි දාපු එක ගැන මම සතුටු නැහැ – අලි සබ්රි

- Advertisement -

බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමිගේ ප්‍රධානත්වයෙන් යුත් ‘එක රටක්, එක නීතියක්’ ජනාධිපති කාර්ය සාධක බලකාය පිහිටුවීම පිළිබඳව තමන් නොදන්නා බව අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා පවසනවා.

එම ජනාධිපති කොමිසම පිළිබදව සන්ඩේ ටයිම්ස් පුවත්පත අමාත්‍යවරයාගෙන් සිදුකල විමසීමකදී අලි සබ්රි මහතා පවසා ඇත්තේ එම කාර්ය සාධක බලකාය පිහිටුවීම සදහා අධිකරණ අමාත්‍යවරයා ලෙස තමන්ගෙන් උපදෙස් ලබා නොගත් බවයි.

එමෙන්ම පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමිගේ සභාපතිත්වයෙන් එම ජනාධිපති කාර්ය සාධක බලකාය පිහිටුවීම පිළිබදව තමන් සතුටු නොවන බවද අමාත්‍යවරයා සදහන් කර තිබෙනවා.

සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරන්නේ එම ජනාධිපති කාර්ය සාධක බලකාය පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමිගේ සභාපතීත්වයෙන් යුක්තව පිහිටුවා ඇති බවට හෝ තමන් එහි සාමාජිකත්වය දරණ බවට කිසිදු මුස්ලිම් සාමාජිකයෙකු දැන නොසිටි බවයි.

‘එක රටක්, එක නීතියක්’ ජනාධිපති කාර්ය සාධක බලකායේ සාමාජිකයෙකු ලෙස නම්කර සිටින කොළඹ නාගරික මන්ත්‍රී කලීල් රහුමාන් මහතා සදහන් කර ඇත්තේ මෙම ජනාධිපති කාර්ය සාධක බලකායට තමන් පත්කර ඇති බව දැනගත්තේ ජනමාධ්‍යවලින් බවයි.

කලීල් රහුමාන් මහතා එක්සත් සාම සන්ධානය (UPA) යටතේ පසුගිය බස්නාහිර පළාත් මැතිවරණයට තරඟකොට කොළඹ නාගරික මන්ත්‍රීවරයෙකු ලෙස තේරී පත්ව තිබෙනවා.

එම පක්ෂයේ නායක බෂීර් සේගු දාවුද් මහතා පවසන්නේ එළැඹෙන සතියේ රැස්වී මෙම ගැටළුව පිළිබදව සාකච්ඡා කරන බවයි.

යම් හෙයකින් කලීල් රහුමාන් මහතා ඥානසාර හිමි යටතේ එම ජනාධිපති කාර්ය සාධක බලකායේ සාමාජිකත්වය ලබාගතහොත් ඔහුට එරෙහිව පක්ෂය විනය ක්‍රියාමාර්ග ගන්නා බවද බෂීර් මහතා සදහන් කරනවා.

නිවේදනයක් නිකුත් කරමින් සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානය පවසන්නේ ‘ආන්දෝලනාත්මක පුද්ගලයෙකුගේ’ නායකත්වය යටතේ ‘එක රටක්, එක නීතියක් සඳහා ජනාධිපති කාර්ය සාධක බලකාය’ පිහිටුවීමෙන් තමන් කම්පනයට සහ කලකිරීමට පත් වූ බවයි.

RECENT ARTICLES - SINHALA

රතුපස්වල තීන්දුව අද

පිරිසිදු ජලය ඉල්ලා උද්ඝෝෂණය කළ ගම්පහ රතුපස්වල ප්‍රදේශවාසීන්ට වෙඩි තබා පුද්ගලයින් තිදෙනෙකු ඝාතනය කර තවත් 45 දෙනෙකුට තුවාල කිරීම සම්බන්ධයෙන් යුද හමුදා බ්‍රිගේඩියර්වරයෙකුට සහ...

පාඨලී CID යට

එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා මීට සුළුවෙලාවකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණ තිබෙනවා. රත්නපුර ප්‍රදේශයේ පැවති පක්ෂ රැස්වීමක දී...

අරක්කු සමාගමේ ලොක්කෙක්ට කෝටි 135ක ඇපයක්

කඩුවෙල - රන්දෙණිගල ඩිස්ටිලරීස් මත්පැන් නිෂ්පාදන සමාගමේ ඝනකාධිකාරීවරයා රුපියල් කෝටි 135ක ශරීර ඇපයක් මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඉළංගසිංහ මහතා ඊයේ (29)...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

පොලිසියේ පස්දෙනෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

කන්තලේ භාරතීපුරම් ගම්මානයේදී මීට වසර 26කට පෙර නිරායුධ දෙමළ සිවිල් වැසියන් අටදෙනෙකු භාරතීපුරම් පොලිස් ස්ථානයට රැගෙන විත් සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබා මරා දමන...

විස්සයි විස්ස ක්‍රිකට් ඉතිහාසය අලුත් කළ පන්ජාබ් කිංග්ස්

පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් ඉතිහාසයේ ඉහළම ලකුණු හඹා යෑමේ වාර්තාව පන්ජාබ් කිංග්ස් කණ්ඩායම තමන් සතු කර ගත්තා. ඒ, ඉන්දීය ප්‍රිමියර් ලීග් පන්දුවාර විස්සයි විස්ස...