29 C
Colombo
Sunday, May 5, 2024

යේමනයේ කාර් බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයින් 9 දෙනෙකු ජීවිතක්ෂයට

- Advertisement -

යේමනයේ තාවකාලික අගනුවර වන ඒඩන්හි ගුවන් තොටුපළක් ආසන්නයේ සිදුවූ කාර් බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයන් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

සෙනසුරාදා සිදුවූ පිපිරීමෙන් තවත් 12 දෙනෙකු තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

අගමැති Mueen Abdulmalek Saeed විසින් නිවේදනයක් නිකුත් කරමින් මෙය “ත්‍රස්තවාදී බෝම්බ ප්‍රහාරයක්” බවට ප්‍රකාශ කර ඇති බවයි සඳහන් වෙන්නේ.

සිද්ධියෙන් තුවාල ලැබූවන් අතර කාන්තාවන් සහ ළමුන් සිටින බව ද වාර්තා වී තිබෙනවා.

ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙකු විසින් හෝ භාර ගෙන නැහැ.

ප්‍රාදේශීය මාධ්‍ය සටහන් කරන්නේ ප්‍රහාරය ඒඩන්හි හිටපු ආණ්ඩුකාරවරයා ගුවන් තොටුපළට පැමිණීමත් සමඟ සිදුව ඇති බවයි.කෙසේ වෙතත් ඔහුට කිසිදු හානියක් සිදුවී නැහැ.

වත්මන් ආණ්ඩුකාරවරයා සති තුනකට පෙර මෝටර් රථ බෝම්බ ප්‍රහාරයකට ද ඉලක්ක වූ අතර එහිදී තවත් හය දෙනෙකු මිය ගිය බව AFP පුවත් ඒජන්සිය වාර්තා කර තිබුණා.

RECENT ARTICLES - SINHALA

මැලේසියාවේ KFC ශාඛා කිහිපයක් හදිසියේ වසා දැමේ

ගාසා තීරයට එරෙහි ඊශ්‍රායලයේ යුද්ධයට එක්සත් ජනපදය දක්වන සහයෝගයට එරෙහිව දියත් කර ඇති වර්ජන ව්‍යාපාරයට මේ වන විට මාසයක පමණ කල් ගත වී තිබෙනවා....

සහල් දීමනාව නොදුන්නැයි කාන්තාවක් ග්‍රාම නිලධාරිනියට ගහලා

රජය මගින් ලබා දෙන සහල් නොදුන්නැයි උරණවූ කාන්තාවක් කළ පහරදීමකින් ග්‍රාම නිලධාරීවරියක් රෝහල් ගතකර ඇති බව පොලිසිය පවසනවා. මෙසේ රෝහල් ගත කර ඇත්තේ, පනාපිටිය දකුණ...

ඇල්ල – කරඳගොල්ල ගැන අලුත් අනාවරණයක්

උමා ඔයේ බලපෑමක් හේතුවෙන් ඇල්ල, කරඳගොල්ල ප්‍රදේශයෙන් නාය යෑමේ තත්ත්වය සක්‍රීය වී නොමැති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා දෙපාර්තමේන්තුවේ සම්මානිත මහාචාර්ය අතුල සේනාරත්න මහතා...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...