29 C
Colombo
Sunday, May 5, 2024

රන්ජන්ට මන්ත්‍රී පුටුව දී හරීන් ඉවතට

- Advertisement -

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට පාර්ලිමේන්තුවේ අසුනක් ලබාදිම වෙනුවෙන් තමන් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයෙන් ඉවත් වීමට බලාපොරොත්තු වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු මහතා පවසනවා.

එමෙන්ම, තමන් වයස අවුරුදු හැටේදී දේශපාලනයෙන් විශ්‍රාම ගැනීමට බලාපොරොත්තු වන බව හරීන් ප්‍රනාන්දු මහතා දිව්රුම් ප්‍රකාශයක් මගින් සජිත් ප්‍රේමදාස මහතාට මෙහිදී දන්වා සිටියා.

ඒ, වත්තල සමගි ජන බලය ප්‍රධාන කාර්යාලය 01දා විවෘත කරමින් පැවති උත්සව සභාව අමතමින්.

මෙහිදි වත්තල සමගි ජන බලවේගයේ ප්‍රධාන සංවිධායක ලෙස හරීන් ප්‍රනාන්දු මහතා පත් වීමක් ලබන ලදි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා,

” මගේ පපුවේ ඔපරේෂන් එක කරලා හරියටම මාසයයි. වෛද්‍ය උපදේශය තමයි විවේකීව ඉන්න ඕනේ කියන එක. නමුත් ගම්පහ දිස්ත්‍රික්කයේ දිනමු වැඩ සටහන යන නිසා මම අද කාර්යාලය විවෘත කලා . කතෝලික අපි සාමාන්‍යයෙන් නොවැම්බර් මාසයේ මගුල් ගෙවල් තියන්නේ සතුටු වෙන්නේ නෑ.

නමුත් අද නොවැම්බර් 01දා සියළු සාන්තුවරයන්ගේ දිනය. මගේ කාර්යාලය අද විවෘත කරනවා. දෙවියන්වහන්සේ නැතිව මට මේ ගමන යන්න බෑ.මම අවුරුදු විසි අටෙන් දේශපාලනය ට ආවේ. මම අනිවාර්යයෙන්ම හැට වෙද්දී දේශපාලනයෙන් විශ්‍රාම ගන්නවා. ගමේ තරුණයන්ට ඉදිරියට එන්න අවශ්‍ය පාර හදනවා.

මම අද ප්‍රකාශ කරනවා මට තියෙන්නේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක්. මම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වෙනවා ඒ තැන රංජන් රාමනායකට දෙන්න ඕනේ. රංජන් පාර්ලිමේන්තුවේ සිටිය යුතුමයි. රංජන්ට නිදහස දිය යුතුයි. වරදක් නොකරයි ඔහු අද හිරේ ඉන්නේ. දේශපාලනයේ මට ඕනේ අළුත් ගමනක් යන්න. මම ගම්පහ දිස්ත්‍රිකයට ආවේ බදුල්ලේ ජනතාව අමතක කරලා නෙමෙයි. මම බදුල්ලේ ජනතාවත් සමග ඉන්නවා.

පාස්කු ප්‍රහාර ප්‍රශ්නයේදී මම කාපු පරිප්පුව දන්නවා. මම කියපු දේ අද කාදිනල් තුමන් කියනවා. මේ පාස්කු ප්‍රහාරයේ ශාපය අද මේ ආණ්ඩුවට වැදිලා තියනවා”

RECENT ARTICLES - SINHALA

මැලේසියාවේ KFC ශාඛා කිහිපයක් හදිසියේ වසා දැමේ

ගාසා තීරයට එරෙහි ඊශ්‍රායලයේ යුද්ධයට එක්සත් ජනපදය දක්වන සහයෝගයට එරෙහිව දියත් කර ඇති වර්ජන ව්‍යාපාරයට මේ වන විට මාසයක පමණ කල් ගත වී තිබෙනවා....

සහල් දීමනාව නොදුන්නැයි කාන්තාවක් ග්‍රාම නිලධාරිනියට ගහලා

රජය මගින් ලබා දෙන සහල් නොදුන්නැයි උරණවූ කාන්තාවක් කළ පහරදීමකින් ග්‍රාම නිලධාරීවරියක් රෝහල් ගතකර ඇති බව පොලිසිය පවසනවා. මෙසේ රෝහල් ගත කර ඇත්තේ, පනාපිටිය දකුණ...

ඇල්ල – කරඳගොල්ල ගැන අලුත් අනාවරණයක්

උමා ඔයේ බලපෑමක් හේතුවෙන් ඇල්ල, කරඳගොල්ල ප්‍රදේශයෙන් නාය යෑමේ තත්ත්වය සක්‍රීය වී නොමැති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා දෙපාර්තමේන්තුවේ සම්මානිත මහාචාර්ය අතුල සේනාරත්න මහතා...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...