28 C
Colombo
Friday, May 3, 2024

පොහොරවලිනුත් බිලියනයක් ගසා කාලා

- Advertisement -

රජය වී ගොවීන්ට ලබා දෙන යූරියා, MOV, TSD පොහොර සඳහා පොහොර ලේකම් කාර්යාලය විසින් රසායනික වාර්තා ව්‍යාජ ලෙස සකස් කර රුපියල් බිලියනයකට අධික මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය ඊයේ (03) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කළා.

පසුගිය 2018, 2019 වර්ෂයන් තුළ පොහොර ලේකම් කාර්යාලය විසින් ආනයනය කරන ලද පොහොර සදහා ව්‍යාජ රසායනික වාර්තා හා කූට ලේඛන සකස් කල බව කියන අක්‍රමිකතාව පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය විසින් මෙම විමර්ශනය ආරම්භ කර තිබෙනවා.

මහවැලි කෘෂිකර්ම වාරි මාර්ග ග්‍රාමීය සංවර්ධන අමාත්‍යාංශයේ හිටපු ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් සුමේධ පෙරේරා මහතා මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිලි කර තිබේ.

ඒ අනුව පොහොර ලේකම් කාර්යාලයේ නිලධාරීන් කිහිපදෙනකුගේම වැඩ තහනම් කර ඇති බව ද වාර්තා වේ.

මෙතෙක් සිදු කරන ලද විමර්ශන වල දි මේ සම්බන්ධයෙන් අමාත්‍යාංශයේ හිටපු ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් සුමේධ පෙරේරා, පොහොර ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජයසූරිය ආරච්චිගේ අමිත් රොෂාන්, කෘෂිකර්ම අමාත්‍යාංශයේ නීති නිලධාරී ලොකුනාරංගොඩගේ ගයාන් හෙක්ටර් යන අයගෙන් ප්‍රකාශ සටහන් කර ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ කියා සිටියා.

ඔවුන් වැඩිදුරටත් කියා සිටියේ මෙම සිදුවීමේදි දණ්ඩ නීති සංග්‍රහයේ 386, 388, 389, 391, 398, 399, 402, 454 යන වගන්ති ප්‍රකාරව වරදවල් සිදු වි ඇති බවට සිදු කරන ලද මූලික විමර්ශන වලදී අනාවරණය වූ බවයි.

කරුණු සලකා බැලූ අධිකරණය සියලු විමර්ශන සිදු කර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත නියෝග කළා.

RECENT ARTICLES - SINHALA

හෙටින් ඇරඹේන පාසල් නිවාඩුව

රජයේ අනුමත සිංහල, දෙමළ සහ මුස්ලිම් පාසල්වල 2024 පළමු පාසල් වාරයේ දෙවන අදියර හෙටින් (03) අවසන් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව පළමු වාරයේ...

බස් ගාස්තු සංශෝධනය වීමක් නැහැ

ඉන්ධන මිල අඩු වුවත් බස් ගාස්තු සංශෝධනයක් සිදු නොකරන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම කොමිෂන් සභාව පැවසුවේ පසුගිය 30...

අපිත් රැළිය පාරේ ගත්තනම් සෙනඟ පෙන්නන්න තිබුණා-නාමල්

මැයි රැළිය පැවැත්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණද මහා මාර්ගයක් තෝරා ගත්තා නම් සෙනඟ පෙන්වීමට හැකියාව තිබූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා. ශ්‍රී ලංකා...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

පැදුරු පාටිය ඉල්ලා ASP නඩු මඟට?

TNL රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ “ASP පැදුරු පාටිය” නැමති වැඩසටහනේ විකාශන කටයුතු හදිසියේ නැවතීම සම්බන්ධයෙන් TNL සහ Supreme මාධ්‍ය ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා...