30 C
Colombo
Saturday, May 4, 2024

චීන පොහොර නැව ප්‍රතික්ෂේප කිරීම ගැන අමාත්‍යංශය තානාපතිට හේතු කියයි

- Advertisement -

බාල චීන පොහොර නැව ප්‍රතික්ෂේප කිරීමට හේතු වූ කරුණු සහිත වාර්තාවක් චීන තානාපති කාර්යාලයට ලබා දීමට තීරණය කර තිබේ.

කෘෂිකර්ම අමාත්‍යාංශ සහ රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරුන් විසින් එම වාර්තාව භාරදීමට තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.

අදාළ ඇණවුම සිදුකළ යුතු ආකාරය, නිසි ප්‍රමිතියෙන් යුක්ත නොවීම මත පොහොර ප්‍රතික්ෂේප කිරිම ඇතුළු කරුණු ඇතුළත් කරමින් අදාළ වාර්තාව ලබා දීමට නියමිත බවයි කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය උදිත් කේ. ජයසිංහ මහතා පැවසන්නේ.

සකස් කෙරෙන වාර්තාව වගකිව යුතු සෙසු ආයතනවලට ද නිකුත් කිරීමට තීරණය කර ඇති බවත් එය අද දවස තුළ භාරදීමට අපේක්ෂා කරන බවත් ඔහු පවසනවා.

පොහොර තොගය ඇනවුම් කිරීම ඇතුළු කටයුතු විධිමත්ව සිදුව ඇති බවයි අමාත්‍යාංශ ලේකම් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය උදිත් කේ. ජයසිංහ මහතා පවසන්නේ.

කෙසේ වෙතත්, මතුව ඇති තත්ත්වය සලකා මෙලෙස සම්පුර්ණ වාර්තාවක් සකස් කර, චීන තානාපති කාර්යාලය ඇතුළු අදාළ පාර්ශව වෙත නිකුත් කරන බවත් ඔහු අවධාරණය කර සිටිනවා.


RECENT ARTICLES - SINHALA

ලංකාවට තවත් පදක්කම් දෙකක්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වෙන ග්‍රොන් ප්‍රී මලල ක්‍රීඩා උළෙලේ, ශ්‍රී ලංකාව නියෝජනය කළ යුපුන් අබේකෝන් සහභාගි වූ පිරිමි මීටර් 100 තරගයේ දී...

සා.පෙළ 10,000කට අයදුම් නොකළ විෂයක් ඇවිත්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ දෙවන වර අයදුම්කරුවන්ට එනම් පෞද්ගලික අයදුම්කරුවන් 10,000කට වැඩි පිරිසකට තමන් අයදුම් නොකළ විෂයක් සහිත ප්‍රවේශපතක් ලැබී තිබෙන...

වතු හාම්පුත්තු ගැන ලැජ්ජයි- වඩිවෙල් සුරේෂ්

“සිලෝන් ටී” නාමය රැක ගනිමින් මෙරට ජාතික ආර්ථිකයට ඉහළ දායකත්වයක් ලබා දෙන වතු කම්කරුවන්ට වැටුප් වැඩි වීමක් ලබා දීමට රජයට මෙන්ම වතු හාම්පුතුන්ගේ සංගමයටත්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...