30.3 C
Colombo
Friday, April 26, 2024

හරි රජෙක් හිටියා නම් චීනෙන් අසූචි නැවක් ගේන්නෙ නැතුව මැෂිමක් ගේනවා

- Advertisement -

කළ යුතුව තිබුණේ අපද්‍රව්‍ය භාවිතයෙන් පොහොර සාදන යන්ත්‍රයක් ගෙන්වීම විනා චීනයෙන් අසූචි ආනයනය කිරීම නොවන බව ඩවලව බෞද්ධ මධ්‍යස්ථානාධිපති පූජ්‍ය සෙවනගල සෝරත හිමියෝ පවසනවා.

ඒ, පසුගියදා ඇඹිලිපිටිය මහවැලි වළව කලාපයේ ගොවි බිම්වලට මහ කන්නය සඳහා ජලය නිකුත් කරන අවස්ථාවට එක්වෙමින්.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට හෝ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට පමණක් නොව අතීතයේ හයවන පරාක්‍රමබාහු රජතුමාටත් චීන අධිරාජ්‍යයා උදව් කර ඇති බවයි උන්වහන්සේ පවසන්නේ.

“හයවන පරාක්‍රමබාහු රජතුමාගේ නැවක් කොල්ල කනවා. රජතුමා පල්ල වරාය අල්ලලා සොලී රට මකුළුව ගම ඇතුළු ගම් හතරක් අල්ලලා එහෙන් බදු ගත්තා අපේ රටට. ඒ වගේ රජෙක් අද හිටිය නං ගූත් චීනෙ සල්ලිත් චීනෙ. අර එව්වා නේ ගූ නැවක්, පළවෙනි වතාවෙත් චෙක්කරත් ගූ, දෙවෙනි වතාවෙ චෙක්කරත් ගූ, තුන්වෙනි වතාවෙ චෙක්කරත් ගූ,” යැයි උන්වහන්සේ පවසනවා.

මේ අතර, චීන බාල පොහොර නැව ජීව විද්‍යාත්මක බෝම්බයක් ආකාරයට තමන් දකින බව ජාතික අවදි සභාවේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් තිලක් උභයවර්ධන මහතා පවසනවා.

සුලු කොටසකගේ වාසිය තකා අතයට ගනුදෙනුවක් එහිදී සිදුව ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

” එතකොට මේවා ගැන හොයන්න මේ ආරක්ෂක අමාත්‍යාංශයක් තියෙනවා. හිටපු ගමන් නැව මතුවෙනවා. දකුණු මුහුදේ ඒ නැවේ නම වෙනස් වෙනවා ආයිත් සැරයක් පරණ නමට යනවා. මොකක්ද මේ කරන්න යන සෙල්ලම කියලා” යැයි ඔහු පවසනවා.

තොග අනුමැතියක් ලබා නොදුන් නැවක් භාර ගැනීමේ හැකියාවක් නොමැති බවත් එය භාර ගැනීමට ශාක ආරක්ෂණ පනතේ විධි විධාන නොමැති බවත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජනරාල් ආචාර්ය අජන්ත ද සිල්වා මහතා අවධාරණය කර සිටින නමුත් චීන පොහොර තොගය සහිත හිපෝ ස්ප්‍රිට් නෞකාව තවමත් ශ්‍රී ලංකා මුහුදේ රැඳී සිටියි.

RECENT ARTICLES - SINHALA

කොළඹට හෙට පැය 14ක ජල කප්පාදුවක්

හෙට (27) පස්වරු 05 සිට පැය 14ක කාලයක් කොළඹ, දෙහිවල - ගල්කිස්ස හා මොරටුව ඇතුළු ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන...

විරෝධතාවයක් වළක්වන්නැයි පොලීසිය කළ ඉල්ලීමක් අධිකරණය ප්‍රතික්ෂේප කරයි

කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය රජයට විරෝධය පළ කරමින් සංවිධානය කළ විරෝධතා රැළියක් වළක්වන ලෙස කුරුඳුවත්ත පොලිසිය කළ ඉල්ලීමක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්...

බලශක්තියට නව නියාමන ආයතනයක්

බලශක්ති අංශය සඳහා නව නියාමන ආයතනයක් හඳුන්වා දීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා. පෙට්‍රල්, ඩීසල්, භූමිතෙල්, ගුවන් යානා ඉන්ධන තෙල්, ද්‍රවීකෘත පෙට්‍රෝලියම් වායු, සහ ලිහිසි...

POPULAR ARTICLES

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...