28 C
Colombo
Sunday, May 5, 2024

ගමන් මල්ලෙන් හමුවූ කාන්තා මළ සිරුර : දෙදෙනෙක් අත්අඩංගුවට

- Advertisement -

සපුගස්කන්ද මාබිම තෙල් පිරිපහදු සංකීර්ණය ආසන්නයේ මාර්ගය අසල කසල ගොඩක තිබියදී ඉකුත්  04 වනදා කාන්තා මළ සිරුරක් හමුවිය.

අත් පා ගැටගසා ගමන් මල්ලක බහා තිබියදී හමුවූ එම කාන්තා මළ සිරුර සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලට අදාලව පුද්ගලයින් දෙදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් මට්ටක්කුලිය සමිත්පුර ප්‍රදේශයේ පදිංචි  36 හැවිරිදි අඹු-සැමි යුවළක් බවයි පැවසෙන්නේ.

සිරුර ප්‍රවාහනය කිරීම සඳහා යොදාගත් වාහනය ද සොයාගෙන ඇති බවත් පොලිසිය පවසනවා.

කොළඹ 10, රම්සා පෙදෙස ,මාලිගාවත්ත මහල් නිවාස සංකීර්ණයේ පදිංචිව සිටි මියගිය කාන්තාව පසුගිය 28 වැනිදා සිය යෙහෙළියක සමඟ මාලිගාවත්ත ප්‍රදේශයෙන් ත්‍රිරෝද රථයක නැගී පිටත්ව ගොස් තිබුණද ඉන්පසුව ඇය සම්බන්ධයෙන් කිසිඳු තොරතුරුක් නොමැති වීම නිසා ඇගේ සැමියා පසුගිය පළමු වැනිදා ඒ පිළිබඳ බ්ලූමැන්ඩල් පොලීසියට පැමිණිලි කර තිබුණා.

එමෙන්ම ඇය දැඩි ලෙස සූදුවට යොමුවූ තැනැත්තියක් බවත් අතුරුදන් වූ දිනයේත් සූදුවෙහි නිරත පුද්ගලයින් සමඟ සිට ඇති බව වාර්තා වී ඇතැයි ද පොලීසිය සඳහන් කරයි.

RECENT ARTICLES - SINHALA

2022 සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කෙරේ

2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල ඊයේ (04) රාත්‍රී නිකුත් කර තිබෙනවා. විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, නැවත සමීක්ෂණය සඳහා අයදුම්කරුවන්...

මැලේසියාවේ KFC ශාඛා කිහිපයක් හදිසියේ වසා දැමේ

ගාසා තීරයට එරෙහි ඊශ්‍රායලයේ යුද්ධයට එක්සත් ජනපදය දක්වන සහයෝගයට එරෙහිව දියත් කර ඇති වර්ජන ව්‍යාපාරයට මේ වන විට මාසයක පමණ කල් ගත වී තිබෙනවා....

සහල් දීමනාව නොදුන්නැයි කාන්තාවක් ග්‍රාම නිලධාරිනියට ගහලා

රජය මගින් ලබා දෙන සහල් නොදුන්නැයි උරණවූ කාන්තාවක් කළ පහරදීමකින් ග්‍රාම නිලධාරීවරියක් රෝහල් ගතකර ඇති බව පොලිසිය පවසනවා. මෙසේ රෝහල් ගත කර ඇත්තේ, පනාපිටිය දකුණ...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...