28 C
Colombo
Friday, May 3, 2024

ඔලිම්පික් වාර්තාකරණයට එන ජනමාධ්‍යවේදීන්ට බාධා නොකරන්නැයි ඇමරිකාව චීනයට කියයි

- Advertisement -

චීනයේ බෙයිජිංහි දී 2022 වසරේ පැවැත්වීමට නියමිත සීත සෟතු ඔලිම්පික් උළෙල වාර්තා කිරීමට එන ජනමාධ්‍යවේදීන්ට බාධා නොකරන්නැයි ඇමරිකාව චීනයට අවධාරණය කරයි.

ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශක නෙඩ් ප්‍රයිස් සදහන් කරන්නේ මෙම වාර්තාකරණයේදී විවිධ ස්ථානවල සැරිසරමින් නිදහසේ වාර්තා කිරීමට ජනමාධ්‍යයට ඇති අයිතියට චීනය බාධා නොකළ යුතු බවයි.

ඇමරිකාවේ මෙම ප්‍රකාශයට හේතුවී ඇත්තේ චීනය පදනම් කරගත් මාධ්‍ය විසින් එළ⁣ඹෙන සීත සෟතු ඔලිම්පික් උළෙලට අදාළ වාර්තාකරණයට අදාළව ගැටලු සහ අපහැදිලිතා මතුව ඇති බවට ප්‍රකාශ කිරීමත් සමගයි.

මේ අතර චීනය විසින් සිදුකරනු ලබන මානව හිමිකම් උල්ලංඝනයවීම්වලට විරෝධයපෑමක් ලෙස⁣ බෙයිජිං සීත සෟතු ඔලිම්පික් උළෙල වර්ජනය කළ යුතු බවටද ලොව පුරා රටවල් ගණනාවක මතයක් නිර්මාණය වෙමින් තිබේ.

RECENT ARTICLES - SINHALA

හෙටින් ඇරඹේන පාසල් නිවාඩුව

රජයේ අනුමත සිංහල, දෙමළ සහ මුස්ලිම් පාසල්වල 2024 පළමු පාසල් වාරයේ දෙවන අදියර හෙටින් (03) අවසන් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව පළමු වාරයේ...

බස් ගාස්තු සංශෝධනය වීමක් නැහැ

ඉන්ධන මිල අඩු වුවත් බස් ගාස්තු සංශෝධනයක් සිදු නොකරන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම කොමිෂන් සභාව පැවසුවේ පසුගිය 30...

අපිත් රැළිය පාරේ ගත්තනම් සෙනඟ පෙන්නන්න තිබුණා-නාමල්

මැයි රැළිය පැවැත්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණද මහා මාර්ගයක් තෝරා ගත්තා නම් සෙනඟ පෙන්වීමට හැකියාව තිබූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා. ශ්‍රී ලංකා...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

පැදුරු පාටිය ඉල්ලා ASP නඩු මඟට?

TNL රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ “ASP පැදුරු පාටිය” නැමති වැඩසටහනේ විකාශන කටයුතු හදිසියේ නැවතීම සම්බන්ධයෙන් TNL සහ Supreme මාධ්‍ය ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා...