28 C
Colombo
Sunday, May 5, 2024

අපෙන් ගැලවුණත් මෙයාලාට දෙවියන් වහන්සේගෙන් ගැලවීමක් නැහැ – වීණා ජයකොඩි (වීඩියෝ)

- Advertisement -

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ආණ්ඩුව පොරොන්දුවූ සාධාරණය ඉෂ්ඨ නොකරන්නේ ඇයි දැයි ප්‍රවීන රංගන ශිල්පිණී වීණා ජයකොඩි මහත්මිය ප්‍රශ්න කර සිටිනවා.

පාස්කු ප්‍රහාරයේ චූදිතයින්, වින්දිතයින් බවට පත් නොකරන ලෙස පවසමින් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරිපිට කතෝලික සභාව අද (08) පැවැත්වූ නිහඬ විරෝධතාවයට එක්වෙමින් ඇය මෙම අදහස් පළකළා.

මෙම විරෝධතාවයට මහාසංඝරත්නය ද වැඩම සිටියා.

වීණා ජයකොඩි මහත්මිය සදහන් කරන්නේ මේ වන විට මෙම ගැටළුව ජාත්‍යාන්තරය දක්වාම ගොස් අවසාන බවයි.

එබැවින් මෙයින් කිසිදු පුද්ගලයෙකුට ගැලවීමක් නොමැති බව සදහන් කරන ඇය පෙන්වා දෙන්නේ කාගෙන් ගැලවුණත් දෙවියන්වහන්සේගෙන් ගැලවීමක් නොමැති බවයි.

තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිරිල් ගාමිණී පියතුමා විසින් ඉදිරිපත් කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමද අද (08)
ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ කැඳවනු ලැබූවා.


RECENT ARTICLES - SINHALA

මැලේසියාවේ KFC ශාඛා කිහිපයක් හදිසියේ වසා දැමේ

ගාසා තීරයට එරෙහි ඊශ්‍රායලයේ යුද්ධයට එක්සත් ජනපදය දක්වන සහයෝගයට එරෙහිව දියත් කර ඇති වර්ජන ව්‍යාපාරයට මේ වන විට මාසයක පමණ කල් ගත වී තිබෙනවා....

සහල් දීමනාව නොදුන්නැයි කාන්තාවක් ග්‍රාම නිලධාරිනියට ගහලා

රජය මගින් ලබා දෙන සහල් නොදුන්නැයි උරණවූ කාන්තාවක් කළ පහරදීමකින් ග්‍රාම නිලධාරීවරියක් රෝහල් ගතකර ඇති බව පොලිසිය පවසනවා. මෙසේ රෝහල් ගත කර ඇත්තේ, පනාපිටිය දකුණ...

ඇල්ල – කරඳගොල්ල ගැන අලුත් අනාවරණයක්

උමා ඔයේ බලපෑමක් හේතුවෙන් ඇල්ල, කරඳගොල්ල ප්‍රදේශයෙන් නාය යෑමේ තත්ත්වය සක්‍රීය වී නොමැති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා දෙපාර්තමේන්තුවේ සම්මානිත මහාචාර්ය අතුල සේනාරත්න මහතා...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...