27 C
Colombo
Friday, May 3, 2024

පිලිපීනෙත් තාත්තාගෙන් දුවට ජනපතිකම

- Advertisement -

ඩාවෝ නගරයේ නගරාධිපති ලෙස නැවත තේරී පත්වීම සඳහා වන අපේක්ෂකත්ව ඉල්ලුම ඉන්ඩේ සාරා විසින් නියමිත කාල සීමාවට දින හයකට පෙර ඉල්ලා අස්කරගෙන ඇතැයි වාර්තා වෙනවා.

ඉන්ඩේ සාරා යනු පිලිපීන ජනාධිපති රොඩ්‍රිගෝ ඩුටර්ටේ සහ එළිසබත් සිමර්මන්ගේ දියණියයි.

ඇය ජනාධිපති හෝ උප ජනාධිපති ලෙස ජාතික තනතුරකට තරඟ කිරීමට ඉඩ ප්‍රස්ථාව ඇති බවට විවිධ මත පළ වෙමින් තිබූ අතර නගාරාධිපති අපේක්ෂකත්වය ඉල්ලා අස් කර ගැනීමත් සමඟ දේශපාලන කරළියේ උණුසුම් තත්ත්වයක් නිර්මාණය කර ඇතැයි පැවසෙනවා.

ඇගේ දේශපාලන පක්ෂය වන Hugpong ng pagbabago පක්ෂය ඇගේ ජනාධිපතිවරණ අපේක්ෂකත්වය අනුමත කර ඇති බව ද ඒ අතර සඳහන්.

ඇගේ පියා නියෝජනය කරන PDP-Laban පක්ෂය ද ඊට අනුමැතිය ලබා දී තිබෙනවා.

43 හැවිරිදි නීතිඥවරියක වන සාරා, ඩාවෝ නගරයේ වර්තමාන නගරාධිපතිනිය ලෙස ද කටයුතු කරනු ලබනවා.

එමෙන්ම 2010 ජුනි 30 සිට 2013 ජුනි 30 දක්වා ද එහි නගරාධිපතිනිය ලෙස කටයුතු කරනු ලැබුවේ ඇයයි.

RECENT ARTICLES - SINHALA

හෙටින් ඇරඹේන පාසල් නිවාඩුව

රජයේ අනුමත සිංහල, දෙමළ සහ මුස්ලිම් පාසල්වල 2024 පළමු පාසල් වාරයේ දෙවන අදියර හෙටින් (03) අවසන් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව පළමු වාරයේ...

බස් ගාස්තු සංශෝධනය වීමක් නැහැ

ඉන්ධන මිල අඩු වුවත් බස් ගාස්තු සංශෝධනයක් සිදු නොකරන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම කොමිෂන් සභාව පැවසුවේ පසුගිය 30...

අපිත් රැළිය පාරේ ගත්තනම් සෙනඟ පෙන්නන්න තිබුණා-නාමල්

මැයි රැළිය පැවැත්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණද මහා මාර්ගයක් තෝරා ගත්තා නම් සෙනඟ පෙන්වීමට හැකියාව තිබූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා. ශ්‍රී ලංකා...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

පැදුරු පාටිය ඉල්ලා ASP නඩු මඟට?

TNL රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ “ASP පැදුරු පාටිය” නැමති වැඩසටහනේ විකාශන කටයුතු හදිසියේ නැවතීම සම්බන්ධයෙන් TNL සහ Supreme මාධ්‍ය ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා...