27 C
Colombo
Monday, May 6, 2024

අහිතකර පොහොර: අධිකරණය මහින්දානන්දගෙන් ඉල්ලූ පොරොන්දුව

- Advertisement -

කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගෙන් අධිකරණයට සහතිකයක් ලබා දෙන ලෙස අභියාචනාධිකරණය නීතිපතිවරයාට අද (11) නියම කරන ලදි.

ඒ, හානිකර බැක්ටිරියා අන්තර්ගත බවට නැවත නැවතත් අනාවරණය වි ඇති චින පොහොර නැව තුළ ඇති මෙට්‍රික් ටොන් 96,000ක් පමණ වු කාබනික පොහොර තොගය මෙරට ගොඩ බෑමට ඉඩ තොතබන බවට‍යි

සෝභිත කරුණාරත්න සහ ධම්මික ගනේපොළ යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිශ්චය මණ්ඩලය විසින් ඉහත නියමය නිකුත් කළේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පරිසර යුක්ති කේන්ද්‍රය විසින් ගොනු කර තිබු පෙත්සම කැඳවු අවස්ථාවේදි‍යි.

මේ අතර, ශ්‍රී ලංකාවේ ජාතික ශාක නිරෝධායන සේවාව විසින් නැවත නැවතත් අහිතකර බවට තහවුරු කළ චින්ඩාවෝ සිවින් බයොටෙක් චීන සමාගමේ පොහොර වල අහිතකර බැක්ටීරියා නොමැති බව තහවුරුවී ඇති බව එම සමාගම පවසනවා.

තෙවැනි පාර්ශ්විය ආයතනයක් වන Schutter Global Inspection and Survey Company කළ පරීක්ෂණයේදී ඒ බව හෙළිවූ බවයි ඔවුන් පවසන්නේ.

චීන සමාගම විසින් සපයන ලද සාම්පලවල කිසිදු හානිකර බැක්ටීරියා, සැල්මොනෙල්ලා සහ ඇස්කරයිඩ් බිත්තර හමු නොවූ බව අදාල වාර්තාවේ සඳහන් වන බවත් ඔවුන් පවසනවා.

කෙසේ නමුත්, නෞකාවේ ඇති කාබනික පොහොර සාම්පල තුන්වන පාර්ශවයක් මගින් යළි පරික්ෂා කිරීමේ කිසිදු සුදානමක් නොමැති බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය උදිත් කේ. ජයසිංහ මහතා මින් පෙර පවසා සිටියා. අදාල නෞකාවේ ඇති කාබනික පොහොර මෙරටට ගොඩබෑමට කිසිඳු අවසරයක් ලබාදී නොමැති බවත් එහිදී ඔහු පවසා සිටියා.


RECENT ARTICLES - SINHALA

හෝටලයක් වු බෝගම්බර

බෝගම්බර බන්ධනාගාරය ඓතිහාසික ගෘහ නිර්මාණවලින් සමන්විත හෝටල් පරිශ්‍රයක් බවට පත්කිරීම සඳහා පෞද්ගලික ආයෝජකයෙක් ඉදිරිපත් වී තිබෙන බව නාගරික සංවර්ධන අමාත්‍යංශය පවසනවා. බන්ධනාගාර ප්‍රධාන පරිශ්‍රය සාප්පු...

විදුලි අය ක්‍රම පිළිබඳ මණ්ඩලයේ යෝජනාව, ලබන සතියේ මහජන උපයෝගීතා කොමිසමට

ලංකා විදුලි බල මණ්ඩලය, විදුලි අය ක්‍රම පිළිබඳ යෝජනාව සකස් කරමින් ඇතැයි, විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසනවා. එහි ලේකම් සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, එහි...

ඝාතනයකින් කෙළවර වූ සංගීත ප්‍රසංගය

සංගීත ප්‍රසංගයකදී තරුණයන් දෙදෙනෙකු අතර ඇතිවූ කතාබහක් දුර දිග යාමෙන් අද (05) අලුයම ඝාතනයක් සිදුව තිබෙන බවට වාර්තා වනවා. එහිදී පලතුරු කපන පිහියකින් පහරදී තරුණයකුව...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...