මෝටර් රථ අනතුරුවලට ලක්වන වාහන සම්බන්ධයෙන් ගාස්තුවක් අයකර ගැනීමට මෙවර අයවැයෙන් යෝජනා කර තිබේ.
එය රක්ෂණයෙන් ප‍්‍රතිපූර්ණය කර ගැනීමට අවස්ථාව සැලසේ.
එමෙන්ම වාහන නවීකරණය, වෙනස් කිරීම හා වැඩි දියුණු කිරීම සඳහා ගාස්තුවක් අය කිරීමට ද,
සමා කාලයක් ඇතුළත දඩ මුදලක් ගෙවීමට යටත්ව ධාවනය කිරීමට යෝග්‍ය නීත්‍යානුකූල නොවන මෝටර් වාහන සහ යතුරු පැදි නීත්‍යානුකූලව ලියාපදිංචි කිරීමට ද මුදල් අමාත්‍යවරයා මෙවර අයවැය තුළින් යෝජනා ඉදිරිපත් කර තිබේ.