29 C
Colombo
Sunday, May 5, 2024

තනතුරු නැති හිටපු මැති ඇමතිවරුන් 30කට මාස 15ක් පුරා ප්‍රභූ ආරක්ෂාව දීලා

- Advertisement -

ඉකුත් මහමැතිවරණයේදි පරාජයට පත්වූ පාර්ලිමේන්තුවේ හිටපු මැති ඇමතිවරුන් 30 කට ආසන්න පිරිසකට මාස පහළොවක් පමණ තිස්සේ ප්‍රභූ ආරක්ෂාව ලබා දෙමින් ඇති බව රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසනවා.

පාර්ලිමේන්තුවේ හිටපු ඇමතිවරුන්ට, හිටපු මන්ත්‍රීවරුන්ට අමතරව, හිටපු ආණ්ඩුකාරවරුන් පිරිසකටද මෙලෙස ප්‍රභූ ආරක්ෂාව ලබා දී ඇතැයි වාර්තා වනවා.

ප්‍රධාන දේශපාලන පක්ෂවලට අයත් මෙම පිරිස ඉකුත් වසරේ අගෝස්තු මාසයේ පැවති මහ මැතිවරණයේදී පරාජයට පත්වූවන් වන අතර එතැන් සිට මේ දක්වා ඔවුනට ප්‍රභූ ආරක්ෂකයන් දෙදෙනා බැගින් ලබා දී තිබෙනවා.

එසේම නගර සභාවක හිටපු සභාපතිවරයකුටද වසර කිහිපයක් තිස්සේ ප්‍රභූ ආරක්ෂාව ලබාදී ඇති අතර ඔහුගේ ආරක්ෂකයන් දෙදෙනා ඉවත් කර ඇත්තේ පසුගිය සතියේයි.

හිටපු මැති ඇමතිවරුන්ට මෙලෙස ප්‍රභූ ආරක්ෂාව ලබා දීම සම්බන්ධයෙන් ඉකුත් බදාදා පාර්ලිමේන්තුවේ පැවති මහජන ආරක්ෂක අමාත්‍යාංශ උපදේශක කාරක සභාවේ දී ද මන්ත්‍රීවරුන් පිරිසකගේ දැඩි විරෝධය පළවී තිබේ.

ආණ්ඩුවේ පසුපෙළ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා එහිදි මේ සම්බන්ධයෙන් දිගින් දිගටම ප්‍රශ්න කර ඇති අතර හිටපු මැති ඇමතිවරුන්ට මේ ආකාරයෙන් ප්‍රභූ ආරක්ෂාව ලබා දෙන්නේ කුමන පදනමක් යටතේද යන්න ඔහු විමසා තිබේ.

හිටපු ආරක්ෂක ඇමතිවරුන් , පොලීසිය භාර ඇමති වරුන් ආදි විශේෂිත පුද්ගලයන්ට ප්‍රභූ ආරක්ෂාව ලබා දීම සම්බන්ධයෙන් ගැටළුවක් නොමැති නමුත්, එසේ නොමැති පුද්ගලයන්ට ආරක්ෂාව ලබා දීම ගැටලුවක් බවයි ඔහු වැඩිදුරටත් සදහන් කර ඇත්තේ.

හිටපු ඇතැම් මැති ඇමතිවරුන් උද්ඝෝෂණ ආදියට ද, සිය ව්‍යාපාරික කටයුතු සදහාද, පෞද්ගලික රාජකාරි සදහාද මෙම ප්‍රභූ ආරක්ෂකයින් රැගෙන යන බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් අනාවරණය කර ඇත.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් තමන් වහා සොයාබලන බව මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා මහජන ආරක්ෂක අමාත්‍යාංශ උපදේශක කාරක සභාවේදි ප්‍රකාශ කර තිබේ.

RECENT ARTICLES - SINHALA

මැලේසියාවේ KFC ශාඛා කිහිපයක් හදිසියේ වසා දැමේ

ගාසා තීරයට එරෙහි ඊශ්‍රායලයේ යුද්ධයට එක්සත් ජනපදය දක්වන සහයෝගයට එරෙහිව දියත් කර ඇති වර්ජන ව්‍යාපාරයට මේ වන විට මාසයක පමණ කල් ගත වී තිබෙනවා....

සහල් දීමනාව නොදුන්නැයි කාන්තාවක් ග්‍රාම නිලධාරිනියට ගහලා

රජය මගින් ලබා දෙන සහල් නොදුන්නැයි උරණවූ කාන්තාවක් කළ පහරදීමකින් ග්‍රාම නිලධාරීවරියක් රෝහල් ගතකර ඇති බව පොලිසිය පවසනවා. මෙසේ රෝහල් ගත කර ඇත්තේ, පනාපිටිය දකුණ...

ඇල්ල – කරඳගොල්ල ගැන අලුත් අනාවරණයක්

උමා ඔයේ බලපෑමක් හේතුවෙන් ඇල්ල, කරඳගොල්ල ප්‍රදේශයෙන් නාය යෑමේ තත්ත්වය සක්‍රීය වී නොමැති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා දෙපාර්තමේන්තුවේ සම්මානිත මහාචාර්ය අතුල සේනාරත්න මහතා...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...