32 C
Colombo
Saturday, May 4, 2024

එළවලු ගොවීන්ට යළිත් රසායනික පොහොර – ඇමති මහින්දානන්ද

- Advertisement -

ධාරානිපාත වර්ෂාව හේතුවෙන් ගොවීන් කලින් භාවිත කළ කාබනික පොහොර සියල්ල සේදී ගිය දිස්ත්‍රික්කවල ගොවීන්ට නිකුත් කිරීම සඳහා තවමත් රට තුළ ඇති රසායනික පොහොර තොග ලබාදීමට කෘෂිකර්ම අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.

පසුගිය දිනවල ඇදහැලුණු ධාරානිපාත වර්ෂාවෙන් නුවරඑළිය, බදුල්ල සහ බණ්ඩාරවෙල දිස්ත්‍රික්කවල එළවළු සහ පළතුරු වගාකරුවන් භාවිත කළ කාබනික පොහොර සේදී ගොස් ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ආරංචි මාර්ග පවසනවා.

මෙම දිස්ත්‍රික්කවල වී වගාවට සිදුවී ඇති හානිය පිළිබඳව බලධාරීන් මෙතෙක් තක්සේරු කර නොමැත.

විශේෂයෙන්ම එළවළු ගොවීන්ගේ තත්ත්වය බරපතළ බව කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා.

අමාත්‍යවරයා සදහන් කරන්නේ කෘෂිකර්ම අමාත්‍යාංශය හදිසි පියවර නොගතහොත් එළවළු මිල සීඝ්‍ර ලෙස ඉහළ යාමක් අපට දැකගත හැකි බවයි.

ඒ අනුව කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයා සමඟ සිදුකල සාකච්ඡාවකින් අනතුරුව මීට කඩිනම් පියවරක් ලෙස පොහොර ආනයනකරුවන්ගේ ගබඩාවල ඇති දිලීර නාශක සහ රසායනික පොහොර තොග පිළිබඳ ලැයිස්තුවක් සකස් කර ඒවා බලපෑමට ලක් වූ දිස්ත්‍රික්ක වෙත යැවීමට කටයුතු කරන ලෙස පළිබෝධනාශක රෙජිස්ට්‍රාර්වරයාට උපදෙස් දීමට තීරණය කර තිබෙනවා.

වී ගොවීන්ගේ වගා හානි වී ඇත්නම් ඔවුන්ට වන්දි ගෙවන ලෙස කෘෂි රක්‍ෂණ මණ්ඩලයට තමන් දැනුම් දුන් බවද අමාත්‍යවරයා පවසනවා.

RECENT ARTICLES - SINHALA

කීරි සම්බා වැඩි මිලට විකුණූ සමූපකාරයකට ලක්ෂ 5ක දඩයක්

කීරි සම්බා සහල් වැඩි මිලට අලෙවි කළ ගිනිගත්හේන විවිධ සේවා සමුපකාර සමිතියට රුපියල් ලක්ෂ පහක දඩයක් නියම කර තිබෙනවා. කීරි සම්බා සහල් වැඩි මිලට අලෙවි...

Fox Hill අනතුරේ වගකීම සංවිධායකයෝ භාරගත යුතුයි – SLRDA

පසුගිය 21 වැනිදා පැවති ෆොක්ස් හිල් තරඟාවලියේදී සිදුවූ මරණ සඳහා ශ්‍රී ලංකා ඔටෝමොබයිල් සංගමයේ සංවිධායකයින් වග කිවයුතු බව පවසමින් රේසිං ධාවකයින්ගේ සංගමය නිවේදනයක් නිකුත්...

හොර දොස්තරලා අල්ලන්න පොලීසියෙන් මෙහෙයුමක්

ව්‍යාජ ලෙස සහතික පෙන්වමින් වෛද්‍ය මධ්‍යස්ථාන පවත්වාගෙන යනු ලබන හොර වෛද්‍යවරුන් අල්ලන්න මෙහෙයුම් ක්‍රියාත්මක කරන බව පොලිස් මූලස්ථානය පවසනවා. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ පොලිස්පතිවරයා...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...