26 C
Colombo
Tuesday, May 7, 2024

ගුරු අරගලයට කොමාවක්

- Advertisement -

ගුරු – විදුහල්වරුන් සිදුකළ වෘත්තීමය ක්‍රියාමර්ගයන් 2022 ජනවාරි 20 වනදා දක්වා තාවකාලිකව අත්හිටුවීමට එම වෘත්තීය සමිතීන් තීරණය කර තිබෙනවා.

අද (14) කොළඹදී පැවති ගුරු – විදුහල්පති වෘත්තීය සමිති සන්ධානයේ නියෝජිතයින්ගේ රැස්වීමකින් අනතුරුව මෙම තීරණයට එළඹුණු බවයි ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් මහතා පවසන්නේ.

එමෙන්ම, අධ්‍යාපනය සඳහා දළ දේශීය නිෂ්පාදිතයෙන් 6%ක් වෙන්කරවා ගැනීම, දෙමාපියන්ගෙන් මුදල් එකතු කිරීම නවතන ලෙස රජයට බලකිරීම ඇතුළු තවත් යෝජනා 10ක් ද අද දවසේ පැවති නියෝජිත රැස්වීමේදී සම්මත කරගත් බවත් ඒ මහතා පවසනවා.

“ගුරු-විදුහල්පති සන්ධානය අද දවසේ කොළඹදී රැස්වෙලා නියෝජිත හමුවක් විදියට අපි තීරණයක් ගත්තා අමාත්‍ය අනුකමිටු වාර්තාවට අනුව අපට වැටුප ලැබිය යුත්තේ 2022 ජනවාරි 20. අද සිට 2022 ජනවාරි 20 දක්වා අපි වෘත්තීය සමිති ක්‍රියාමාර්ග තාවකාලිකව අත්හිටෙව්වා. ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා ආණ්ඩුව මේ සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු කරලා මේ වැටුප අපට ලබාදෙන්න කටයුතු කරයි කියලා”


RECENT ARTICLES - SINHALA

කුලියාපිටියේ තරුණයා අතුරුදන් වීමේ සිදුවීමේ ප්‍රධාන සැකකරුට ඇප

කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචි තරුණයෙකු අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළ ප්‍රධාන සැකකරු අද (06) සිය නීතිඥයින් මාර්ගයෙන් අධිකරණය වෙත භාරවී තිබෙනවා. එහිදී කුලියාපිටිය මහෙස්ත්‍රාත් රන්දික ලක්මාල් මහතා...

චන්ග්ගෙන් T-20 කුසලානයට යන අපේ කණ්ඩායමට සුභ පැතුම්

එක්සත් ජනපදයේ සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත්වල පැවැත් වීමට නියමිත විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානය සඳහා ක්‍රීඩා කිරීමට නියමිත ශ්‍රී ලංකා මූලික ක්‍රිකට් සංචිතය...

සජිත්ගෙන් ටිරාන්ට ප්‍රශ්න හතක්

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා වී එෆ් එස් ග්ලෝබල් ආයතනය සම්බන්ධයෙන් අද (06) පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී පළ කළ අදහස්වලට ප්‍රතිචාර දක්වමින් විපක්ෂ නායක...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

සජබ මැයි රැලියට ‍කැලණියෙන් ‍ෆොන්සේකාට අමතරව තවත් පිලක් ඇවිත්

සමගි ජන බලවේගයට කැලණිය නියෝජනය කරමින් කණ්ඩායම් දෙකක් සහභාගි වී තිබෙන බවට වාර්තා වනවා. එහි පක්ෂ අභ්‍යන්තරයේ පවතින ගැටුමක් හේතුවෙන් එම මැයි රැලියට කැලණියේ බැනරය...