33 C
Colombo
Monday, April 29, 2024

T20 ලෝක කුසලාන තරඟාවලියේ කණ්ඩායමට ශ්‍රී ලංකාවෙන් දෙදෙනෙක්

- Advertisement -

2020 T20 ලෝක කුසලාන තරඟාවලිය ඊයේ රාත්‍රීයේ ඩුබායි හීදි අවසන් වුණේ කැන්ගරුවන්ට සිය පළමු T20 ලෝක කුසලානයේ පහස විදීමට අවස්ථාව සලසමින්.

තරඟාවලියේ අවසානයත් සමග ජාත්‍යාන්තර ක්‍රිකට් කවුන්සලය මෙවර තරඟාවලියේ විශිෂ්ඨතම දක්ෂතා දැක්වූ ක්‍රීඩකයින් ඇතුලත් කරමින් හොදම 11 දෙනාගේ කණ්ඩායමක් නම් කර තිබෙනවා.

එහි විශේෂත්වය වන්නේ තරගාවලිය ආරම්භයේදි මෙම තරඟාවලියේ දුර්වලම කණ්ඩායමක් ලෙස Wisden සඟරාව විසින් නෙදර්ලන්ත කණ්ඩායමටත් වඩා පහත් මට්ටමකට ගණන් වලා සිටි ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් දෙදෙනෙකු මෙම සුපිරි 11 දෙනාගේ කණ්ඩායමට ඇතුළත්ව තිබීමයි.

එමෙන්ම මෙවර තරඟාවලිය ආරම්භයට පෙර අනාවැකිකරුවන් රැසකගේ මුව රැදුණු එකම නාමය වූ ප්‍රබල ඉන්දීය කණ්ඩායමේ කිසිදු ක්‍රීඩකයෙකු මෙම සුපිරි 11 දෙනාගේ කණ්ඩායමට ඇතුළත් නොවීම සුවිශේෂි වනවා.

සුදුසුකම් ලැබීමේ තරඟ වටයෙන් අපරාජීතව සුපිරි 12 දෙනාගෙව් වටයට ප්‍රවිශ්ඨ වූ ශ්‍රී ලංකා කණ්ඩායම තමන් සහභාගි වූ තරග 05න් 02ක් පමණක් ජයගැනීමට සමත් වුවද, බොහෝ දෙනෙකු කිරාමැන තිබූ තත්ත්වයට වඩා ඉහළ මට්ටමකට ශ්‍රී ලංකා කණ්ඩායමේ දක්ෂතා දිග හැරුණා.

ඒ අතර තරඟාවලියේ ඉන්ද්‍රජාලික පන්දු යවන්නා ලෙස බොහෝ දෙනා අතරේ කතාබහට ලක්වූ තරඟාවලිය අතරතුර T20 පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්හී පළමු ස්ථානයට පත්වූ වනිදු හසරංග ICCය නම් කරන ලද සුපිරි 11 දෙනාගේ කණ්ඩායමට ඇතුළත්ව සිටිනවා.

වනිදු මෙම තරඟාවලිය තුළ තරඟ 08ක් තුළ කඩුලු 16ක් දවාගැනීමට සමත් වූයේ 9.75ක සාමාන්‍යයක් රදවා ගනිමින්.

වනිදුගේ මෙම විශිෂ්ඨ පන්දු යැවීම ලෝක වාර්තාවක් ලෙසද සනිටුවන් වූයේ මෙතෙක් එක් T20 ලෝක කුසලාන තරඟාවලියක් තුළ ක්‍රීඩකයෙකු දවාගෙන ඇති වැඩිම කඩුලු සංඛ්‍යාව ලෙසයි.

මීට අමතරව ICC ය නම් කරන ලද සුපිරි 11 දෙනාගේ කණ්ඩායමට ඇතුලත්ව සිටින අනෙක් ශ්‍රී ලාංකීය ක්‍රීඩකයා වන්නේ තරඟාවලියේ වටිනාම සොයාගැනීමක් ලෙස විචාරකයින්ගේ පැසසුමට ලත් චරිත් අසලංකයි.

මෙවර තරඟාවලියේ තරග 06කට සහභාගී වූ අසලංක ඉනිම් 06ක් තුළ ලකුණු 231ක් රුස් කර ගත්තේ තරඟාවලියේ වැඩිම ලකුණු ලාභිම්ගේ ලැයිස්තුවේ 05 වන ස්ථානයට පත්වෙමින්.

යොවුන් ක්‍රීඩක අසලංක තරගාවලිය පුරා ලොව මේ වන විට සිටින විශිෂ්ඨතම පන්දු යවන්නන්ට එල්ල කරන ලද ප්‍රබල ප්‍රහාරය සහ පිතිකරණයේදි ඔහු තුළ ඇති ආත්ම විශ්වාසය හමුවේ හර්ෂා බොග්ලේ, ගවුතම් ගාම්භීර් සහ ෂේන් වොට්සන් වැනි ක්‍රිකට් ප්‍රවීනයින් තරඟාවලියේ හොදම සොයාගැනීමක් ලෙස අසලංකව හදුන්වා දී තිබුණා.

ICC ය නම් කරන ලද තරඟාවලියේ හොදම කණ්ඩායමේ නායකත්වය සිය කණ්ඩායම අවසන් මහා තරඟය තෙක් රැගෙන හා නවසීලන්ත නායක කේන් විලියම්සන්ට හිමිව තිබෙනවා.

ICC ය නම් කරන ලද මෙවර T20 ලෝක කුසලාන තරගාවලියේ හොදම 11 දෙනාගේ කණ්ඩායම,

පිතිකරුවන් – බාබර් අසාම් ( පකිස්තානය ) , ඩේවිඩ් වෝනර් ( ඕස්ට්‍රේලියාව ) , කේන් විලියම්සන් – නායක ( නවසීලන්තය ) , ජෝස් බට්ලර් – කඩුලු රකින්නා ( එංගලන්තය )

තුන් ඉරියව් ක්‍රීඩකයන් – චරිත් අසලංක ( ශ්‍රී ලංකාව ) , මොයින් අලී ( එංගලන්තය ) , වනිදු හසරංග ( ශ්‍රී ලංකාව )

පන්දු යවන්නන් – ඇඩම් සම්පා ( ඕස්ට්‍රේලියාව ) , ට්‍රෙන්ට් බෝල්ට් ( නවසීලන්තය ) , ඇන්ඩ්රිච් නොට්ජීයේ ( ද.අප්‍රිකාව ) , ශහීන් අෆ්‍රීඩි ( පාකිස්තානය ).

RECENT ARTICLES - SINHALA

මෙරට ශ්‍රම බලකාය ගැන අනාවරණයක්

පසුගිය වසරේ දී මෙරට ශ්‍රම බළකාය පහත ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත්කළ නවතම වාර්තාවකින් පෙන්නුම් කර තිබෙනවා. ඒ අනුව 2022 වසරේ දී...

ගුරු අධ්‍යාපනඥ සේවා නිලධාරීන් අද වර්ජනයක

වැටුප් විෂමතා ගැටලුවට විසඳුම් ඉල්ලා වෘත්තීය සමිති ක්‍රියාර්ගයකට එළැඹීමට තීරණය කළ බව සමස්ත ලංකා ගුරු අධ්‍යාපනඥ සේවා නිලධාරීන්ගේ සංගමය පවසනවා.  එහි ලේකම් ධම්මික මිරිහාන මහතා...

හත්දහසකට හිමිවු පොදු සමාව

නිවාඩු ලබා නොගෙන සේවයට වාර්තා නොකර සිටින යුද හමුදා සාමාජිකයින් 7,000කට අධික පිරිසක් පොදු සමා කාලයේ පළමු සතිය තුළ ඉවත් කර තිබෙනවා. අප්‍රේල් මස 20...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

පොලිසියේ පස්දෙනෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

කන්තලේ භාරතීපුරම් ගම්මානයේදී මීට වසර 26කට පෙර නිරායුධ දෙමළ සිවිල් වැසියන් අටදෙනෙකු භාරතීපුරම් පොලිස් ස්ථානයට රැගෙන විත් සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබා මරා දමන...

රනිල් අවුරුදු කුමාරියන්ට තෑගි දෙන්න ගිහිල්ලා

මැද කොළඹ - සුදුවැල්ල බක්මහ උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වී තිබෙනවා. මෙම වාර්ෂික බක්මහ උළෙල සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත්...