25 C
Colombo
Tuesday, April 30, 2024

ඉන්ධන හිඟයේ වගකීම ගම්මන්පිළ ජනතාවගේ පිට පටවයි

- Advertisement -

ජනතාව අනවශ්‍ය ලෙස ඉන්ධන රැස්කිරීම හේතුවෙන් තාවකාලික ඉන්ධන හිඟයක් ඇති වූ බව අමාත්‍ය උදය ගම්මන්පිළ මහතා පවසනවා.

ඒ, අද (18) පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දකවමින්.

ලොව බලවත් රටවල් පවා බලශක්ති අර්බුදයකට මුහුණදී සිටින මොහොතක ශ්‍රී ලංකාව අඛණ්ඩව ඉන්ධන සැපයීම සහතික කිරීම පිළිබඳව සමස්ත ජාතියම සතුටුවිය යුතු බවයි අඅමාත්‍යවරයා පවසන්නේ.

“තෙල් පිරිපහදුව විවෘත කරනු, බොරතෙල් ගෙනඑනු කියලා තෙල් සංස්ථාවේ වෘත්තිය සමිති ඊයේ උද්ඝෝෂණයක යෙදිලා ඉන්නවා මම දැක්කා. අපි බොරතෙල් ගෙන ඒම නතර කළේ රටේ පවතින් විදේශ විනිමය සකසුරුවමින් පාවිච්චි කළ යතු නිසා. උද්ඝෝෂණයක් කළාම ඩොලර් පහලවෙලා අපිට බොරතෙල් ආනයනය කර ගැනීමට හැකියාව ලැබෙනවා කියලා මම කලින් දැනගෙන හිටියානම් මමත් ගිහින් ඔය උද්ඝෝෂණයට එකතුවෙනවා.

මොකද මටත් ඕනේ බොරතෙල් ආනයනය කරලා හැකි ඉක්මනින් මේ පිරිපහදුවේ වැඩ ආරම්භ කරන්න. ලෝකයේ බලවත් රටවල් පවා බලශක්ති අර්බුදයකට මුහුණ දී සිටින මොහොතක රටේ තෙල් නැති, තෙල් ගන්න ඩොලර් නැති, ගබඩා කරගන්නට ටැංකි නැති, ශ්‍රී ලංකාව මෙතෙක් අඛන්ඩව ඉන්ධන සැපයුයේ. ඇත්තෙන්ම හාස්කමක් බදු මේ ඉන්ධන සැපයුම සහතික කිරීම පිළිබඳව අපේ වෘත්තිය සමිති නෙමෙයි සමස්ත ජාතියම සතුටු වෙන්න ඕනේ.

ඒ වාගේම අධික වර්ශාව නිසා විදුලිබල මණ්ඩලය මේ දිනවල අපෙන් දැවි තෙල් මිලදී ගන්නේ නැහැ විදුලිය නිෂ්පාදනය සඳහා. දැනටමත් අපි සීමිත ඩොලර් වැය කරලා ගෙනාපු බොර තෙල්වලින් හදපු දැවි තෙල් ටොන් 13,500ක් භාවිතා නොකර ටැංකිවල ගබඩා කරගෙන බලන් ඉන්නවා. ඒ නිසා බොරතෙල් ආනයනය කිරීම නතර කිරීමෙන් විදුලි කප්පාදුවක් ඇතිවෙනවා කියන එක තවත් බොරුවක් පමණයි.”

RECENT ARTICLES - SINHALA

නිදහස් පක්ෂය නිදහස් වෙලා

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානය අද (29) පෙරවරුවේ පොලිස් ස්ථානීය පරික්ෂණ නිලධාරීන් විසින් විමර්ශන කටයුතු සඳහා විවෘත කරනු ලැබ තිබෙනවා. වැදගත් ලිපිගොනු කිහිපයක් අස්ථානගතවීම හේතුවෙන්...

ෆවුසිට නොතිසි

0
හිටපු ආපදා කළමනාකරණ අමාත්‍ය ඒ. එච්. එම්. ෆවුසි මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව මැයි මස 22 වනදා දක්වා කල්තැබීමට කොළඹ මහාධිකරණය...

මෙරට ශ්‍රම බලකාය ගැන අනාවරණයක්

පසුගිය වසරේ දී මෙරට ශ්‍රම බළකාය පහත ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත්කළ නවතම වාර්තාවකින් පෙන්නුම් කර තිබෙනවා. ඒ අනුව 2022 වසරේ දී...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

පොලිසියේ පස්දෙනෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

කන්තලේ භාරතීපුරම් ගම්මානයේදී මීට වසර 26කට පෙර නිරායුධ දෙමළ සිවිල් වැසියන් අටදෙනෙකු භාරතීපුරම් පොලිස් ස්ථානයට රැගෙන විත් සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබා මරා දමන...

රනිල් අවුරුදු කුමාරියන්ට තෑගි දෙන්න ගිහිල්ලා

මැද කොළඹ - සුදුවැල්ල බක්මහ උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වී තිබෙනවා. මෙම වාර්ෂික බක්මහ උළෙල සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත්...