27 C
Colombo
Monday, May 6, 2024

මහා ජනකායක් මැද ජනපතිට මුඛාවරණයක් නෑ (වීඩියෝ)

- Advertisement -

සඳහිරු සෑය සමස්ත ලෝකවාසී සැදැහැවතුන්ගේ වන්දනාමානය සඳහා සම්බුදු සසුනට පූජා කිරීම අද (18) පස්වරුවේ සිදුවිය.

ඒ ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන්.

මව්බිමේ ඒකීයභාවය වෙනුවෙන් උදාරතර කැපකිරීම් කළ වීරෝදාර රණවිරුවන් සිහිපත් කිරීමේ හා තිස් වසරක යුද්ධයේ නිමාව සනිටුහන් කිරීමේ අරමුණින් සඳහිරු සෑය ඉදිකෙරුණි.

2010 වර්ෂයේ දි ඉදිකිරිම් කටයුතු ආරම්භ කළ මෙම චෛත්‍ය පොළොව මට්ටමේ සිට අඩි 283ක් උසකින් යුක්ත වන අතර පොළොව මට්ටමේ සිට අඩි 45ක් යට සිට ගොඩ නංවා තිබේ.

සඳහිරු සෑය විවෘත කිරීමේ උත්සවයට ඉතා විශාල ජනකායක් රැස්ව සිටි නමුත් එහිදී ජනපතිවරයා සෞඛ්‍යා නීති රීතිවලට අනුකූලව මුඛාවරණයක් නොපැළඳ සිටි බව නිරීක්ෂණය කළ හැකි විය.

කොවිඩ් ආසාදිතයන් වාර්තා වීම නැවතත් ඉහළ අගයක් ගනිමින් පවතින බවට සෞඛ්‍ය අංශ පවසන පසුබිමක ජනපතිවරයාගේ මෙම ක්‍රියාව සමාජ මාධ්‍ය ඔස්සේ දැඩිලෙස විවේචනයට ලක්ව තිබුණා.


RECENT ARTICLES - SINHALA

හෝටලයක් වු බෝගම්බර

බෝගම්බර බන්ධනාගාරය ඓතිහාසික ගෘහ නිර්මාණවලින් සමන්විත හෝටල් පරිශ්‍රයක් බවට පත්කිරීම සඳහා පෞද්ගලික ආයෝජකයෙක් ඉදිරිපත් වී තිබෙන බව නාගරික සංවර්ධන අමාත්‍යංශය පවසනවා. බන්ධනාගාර ප්‍රධාන පරිශ්‍රය සාප්පු...

විදුලි අය ක්‍රම පිළිබඳ මණ්ඩලයේ යෝජනාව, ලබන සතියේ මහජන උපයෝගීතා කොමිසමට

ලංකා විදුලි බල මණ්ඩලය, විදුලි අය ක්‍රම පිළිබඳ යෝජනාව සකස් කරමින් ඇතැයි, විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසනවා. එහි ලේකම් සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, එහි...

ඝාතනයකින් කෙළවර වූ සංගීත ප්‍රසංගය

සංගීත ප්‍රසංගයකදී තරුණයන් දෙදෙනෙකු අතර ඇතිවූ කතාබහක් දුර දිග යාමෙන් අද (05) අලුයම ඝාතනයක් සිදුව තිබෙන බවට වාර්තා වනවා. එහිදී පලතුරු කපන පිහියකින් පහරදී තරුණයකුව...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...