32 C
Colombo
Sunday, May 5, 2024

මාතරදී පොලිසිය තරුණයකුට වධහිංසා කිරීම: මූලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය භාරගනියි

- Advertisement -

මාලිම්බඩ හා මාතර පොලිස් ස්ථානවලදී තරුණයෙකු නීතිවිරෝධී අයුරින් රඳවාගෙන දින ගණනාවක් තිස්සේ වධහිංසා කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් මූලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් භාරගෙන තිබෙනවා.

මෙහිදී ඔහු ප්‍රතිකාර ලැබූ මාතර රෝහල් වල අධිකරණ වෛද්‍ය නිලධාරීන්ගෙන් සහ මානව හිමිකම් කොමිසමෙන් සවිස්තර වාර්තා කැඳවා ඇති බවයි අදාල තරුණයා වෙනුවෙන් පෙනී සිටින නීතීඥ ගාමිණී හෙට්ටිආරච්චි මහතා පවසන්නේ.

මේ සම්බන්ධයෙන් ජාතික පොලිස් කොමිසමද විමර්ශනයක් ආරම්භ කළ අතර ඊට අදාලව මාලිම්බඩ සහ මාතර යන පොලිස් ස්ථාන වල පොලිස් ස්ථානාධිපතිවරුන්ට සහ පොලිස් නිලධාරීන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බවයි නීතීඥවරයා පවසන්නේ.

මාතර තෙලිජ්ජවිල මත්පැන් අළෙවි සැලක සිදු වූ බව කියන සොරකමක් සම්බන්ධයෙන් තමා අත්අඩංගුවට ගෙන නීතිවිරෝධී අයුරින් රඳවාගෙන පොලුවලින් පහර දී බරපතල තුවාල කළ බවට එම ප්‍රදේශයේම පදිංචි විසි අට හැවිරිදි තරුණයකු කළ පැමිණිල්ලක් අනුව අදාල විමර්ශනය සිදුකළ බවයි මීට පෙර විමසීමකදී පොලිස් කොමිසමේ නිලධාරියෙක් ‘නිව්ස් 19’වෙත පවසා සිටියේ.

පැමිණිල්ලේ සඳහන් පරිදි මාලිම්බඩ පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරින් පිරිසක් විසින් මෙම තරුණයා අත්අඩංගුවට ගෙන මාලිම්බඩ පොලිස් ස්ථානයේ සිර මැදිරියේ රඳවා අතින් පයින් හා පොලුවලින් ද පහර දෙමින් ප්‍රශ්න කර ඇත.

විකට් කූරකින් පහර දුන් එක් අවස්ථාවක එය කැඩී තම පාදය සිදුරු වන ආකාරයට බරපතල තුවාල වී යැයි ද ඉන්පසුවත් එක් නිලධාරියකු රෙදි කෑල්ලක මිරිස් අඹරා තම මුවට තබා ගැට ගැසුවේ යැයි ද පැමිණිලිකරු එහි සඳහන් කර ඇත.

තමා අත්අඩංගුවට ගෙන ඇති බව දැනගෙන පවුලේ උදවිය නීතිඥවරයකු පොලිසීයට එවුවත් පහරදීම් නතර නොකළේ යැයි ද පසුව මාතර පොලිසියට ද රැගෙන ගොස් පහරදුන්නේ යැයි ද එම තරුණයා කළ පැමිණිල්ලේ සඳහන් වේ.

කෙසේ වෙතත් මත්පැන් අළෙවිසැලේ සොරකම සිදු වූ අවස්ථාවේ වීඩියෝ පට මාතර පොලිසියට ගෙනැවිත් තම පවුලේ අයටද පෙන්වා එහි ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරින් පරීක්ෂා කිරීමේදී එහි සිටින්නේ තමා නොවන බව හඳුනාගැනීමෙන් පසු පොලිස් ස්ථානාධිපතිවරයා තම මවගෙන් සමාව ඉල්ලා සිටියේ යැයි ද එම තරුණයා තම පැමිණිල්ලේ සඳහන් කර ඇත.

පසුව පොලිස් නිලධාරින් පිරිස එක් වී තරුණයාගේ තුවාලවල ආලේප ගල්වා උණු දියෙන් තවා ප්‍රථමාධාර දී නෑසිය මිතුරන් අස්වැසුවේ යැයි ද එහි සඳහන් වේ.

කෙසේ වෙතත් අදාළ තරුණයා රෝහල්ගතවීම වලකා 1990 සුවසැරිය ගිලන්රථයක් භාවිතා කර ඔහුට ප්‍රථමාධාර දෙන්නට මාතර පොලිස් ස්ථානාධිපතිවරයා කටයුතු කළේ යැයි ද දින දෙකක් පුරාවට පොලිසියේ රඳවාගෙන බෙහෙත් කර පස් වැනි දිනයේ පොලිස් ජීප් රථයකින්ම නිවෙසට ඇරලවා ඇතැයි ද එම පැමිණිල්ලේ සඳහන් වේ.

සිදුවීම සම්බන්ධයෙන් පොලිස් අධිකාරි හා නියෝජ්‍ය පොලිස්පති කාර්යාලවලට පැමිණිලි කළත් විමර්ශනයක් සිදුනොකොට ඒ වෙනුවට මාතර පිහිටි පෞද්ගලික රෝහලකින් එක්ස් කිරණ පරීක්ෂාවක් කර නැවත ප්‍රතිකාර ලබාදුන්නේ යැයි ද පැමිණිලිකරු තම පැමිණිල්ලේ සඳහන් කර ඇත.

තම යටිපතුල්වල අස්ථි බිඳී ඇති බවට එක්ස් කිරණ පරීක්ෂණයෙන් හෙළි වූ පසුව පොලිස් නිලධාරින් පිරිස තමා මාතර රෝහලට රැගෙන ගොස් මෙම තුවාල සිදුවූයේ තාප්පයකින් පැනීමට ගොස් බවට ව්‍යාජ කටඋත්තරයක් ලබාගත්තේ යැයි ද එහි සඳහන් වේ.

පසුව දිගින් දිගටම සිය ශරීරයේ වේදනාව උත්සන්න වීම නිසා තමා මාතර රෝහලට ඇතුලත්ව සත්‍ය පවසා ප්‍රතිකාර ලබාගත්තේ යැයි ද අධිකරණ වෛද්‍යවරයකු විසින් පළමු වරට කටඋත්තරයක් ලබාගත්තේ එම අවස්ථාවේ යැයි ද පැමිණිලිකාර තරුණයා තම පැමිණිල්ලේ සඳහන් කර තිබේ.

සිදුවීමෙන් පසුව අදාළ සොරකම සිදු වූ මත්පැන් හලේ කළමණාකරු තමාට මුදල් දීමට තැත් කළේ යැයි ද එම පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් වේ..


RECENT ARTICLES - SINHALA

විදුලි අය ක්‍රම පිළිබඳ මණ්ඩලයේ යෝජනාව, ලබන සතියේ මහජන උපයෝගීතා කොමිසමට

ලංකා විදුලි බල මණ්ඩලය, විදුලි අය ක්‍රම පිළිබඳ යෝජනාව සකස් කරමින් ඇතැයි, විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසනවා. එහි ලේකම් සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, එහි...

ඝාතනයකින් කෙළවර වූ සංගීත ප්‍රසංගය

සංගීත ප්‍රසංගයකදී තරුණයන් දෙදෙනෙකු අතර ඇතිවූ කතාබහක් දුර දිග යාමෙන් අද (05) අලුයම ඝාතනයක් සිදුව තිබෙන බවට වාර්තා වනවා. එහිදී පලතුරු කපන පිහියකින් පහරදී තරුණයකුව...

2022 සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කෙරේ

2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල ඊයේ (04) රාත්‍රී නිකුත් කර තිබෙනවා. විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, නැවත සමීක්ෂණය සඳහා අයදුම්කරුවන්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...