28 C
Colombo
Friday, May 3, 2024

වාහනයක එක්කෙනෙක් යන එක තහනම් කරලා තුන් හතර දෙනෙක් යන්න කියන්න ඕනේ – ඇමති දයාසිරි

- Advertisement -

තනි පුද්ගලයෙක් වාහනයක ගමන් ගන්නා විට විශාල ඉන්ධන ප්‍රමාණයක් පිළිස්සෙන බව බතික්, අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසනවා.

එබැවින් කිසියම් වාහනයක් මාර්ගයෙහි ධාවනය කරන්නේ නම් එහි පුද්ගලයන් තිදෙනෙකු හෝ හතර දෙනෙකු ගමන් කිරීම අනිවාර්ය කිරීමේ නීතියක් සම්පාදනය කළ යුතු යැයි රාජ්‍ය අමාත්‍යවරයා යෝජනා කරනවා.

වසරකදී ඉන්ධන ආනයනය සඳහා ඩොලර් බිලියන 7 ක් වෙන් කරන බැවින් කඩේට, පොළට වැනි අත්‍යාවශ්‍ය නොවන ගමන් සඳහා ඉන්ධන වැය නොකරන ලෙස ජයසේකර මහතා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

මේ මොහොතේ ජනතාව අවධානය යොමුකළ යුත්තේ වාහන ආනයනය ගැන නොව තමන් සතුව මේ වන විටත් ඇති වාහන ධාවනය කරන්නේද නොකරන්නේද යන්න පිළිබදව බව රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

අනාගතය භයංකාර බවත් තම ගෙවත්තෙහි පෝච්චියක හෝ පළතුරක්, එළවලුවක් වවාගන්නා ලෙසද දයාසිරි ජයසේකර මහතා වැඩිදුරටත් ඉල්ලා සිටිනවා.

RECENT ARTICLES - SINHALA

හෙටින් ඇරඹේන පාසල් නිවාඩුව

රජයේ අනුමත සිංහල, දෙමළ සහ මුස්ලිම් පාසල්වල 2024 පළමු පාසල් වාරයේ දෙවන අදියර හෙටින් (03) අවසන් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව පළමු වාරයේ...

බස් ගාස්තු සංශෝධනය වීමක් නැහැ

ඉන්ධන මිල අඩු වුවත් බස් ගාස්තු සංශෝධනයක් සිදු නොකරන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම කොමිෂන් සභාව පැවසුවේ පසුගිය 30...

අපිත් රැළිය පාරේ ගත්තනම් සෙනඟ පෙන්නන්න තිබුණා-නාමල්

මැයි රැළිය පැවැත්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණද මහා මාර්ගයක් තෝරා ගත්තා නම් සෙනඟ පෙන්වීමට හැකියාව තිබූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා. ශ්‍රී ලංකා...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

පැදුරු පාටිය ඉල්ලා ASP නඩු මඟට?

TNL රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ “ASP පැදුරු පාටිය” නැමති වැඩසටහනේ විකාශන කටයුතු හදිසියේ නැවතීම සම්බන්ධයෙන් TNL සහ Supreme මාධ්‍ය ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා...