30 C
Colombo
Saturday, May 4, 2024

කාබනික පොහොර ආනයනය කරන එකම රට ලංකාවයි

- Advertisement -

පොහොර ගැටළුවට අවශ්‍ය වන්නේ පැලැස්තර විසඳුම් නොවන බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ලේකම්, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසනවා.

එසේ නොකොට, යල කන්නයේ සිට රසායනික පොහොර ලබාදිය යුතු බවයි ඔහු පවසන්නේ.

කාබනික පොහොර ආනයනය කිරීම මෙම ප්‍රශ්නයට විසඳුමක් නොවන බවත් වකුගඩු රෝග වැළදීමට ප්‍රධාන හේතුවක් වන්නේ දියවැඩියාව සහ අධික රුධිර පීඩනය යන හේතූන් දෙක වන අතර අතිබහුතරයක් ‍වකුගඩු රෝගවලට හේතු වන්නේ පොහොර නොවන විවිධ කාරණා බවත් රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

ශ්‍රී ලංකාව කාබනික පොහොර ආනයනය කරන ලෝකයේ එකම රට බවට පත්ව ඇති බවත් ජනතාවට මිලදී ගතහැකි හොඳ පොහොරක් නිපදවා බෙදා හරින්නේ නම් ගැටළුව අවසන් වනු ඇති බවත් දයාසිරි ජයසේකර මහතා පවසනවා.

මේ අතර, කෙටිකාලීන අවශ්‍යතාවය මත රසායනික පොහොර සහ කෘෂි රසායන ගෙන්වන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

කටයුතු සහ පොහොර සැපයුම සම්බන්ධයෙන් අද (22) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවේදීයි.


RECENT ARTICLES - SINHALA

ලංකාවට තවත් පදක්කම් දෙකක්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වෙන ග්‍රොන් ප්‍රී මලල ක්‍රීඩා උළෙලේ, ශ්‍රී ලංකාව නියෝජනය කළ යුපුන් අබේකෝන් සහභාගි වූ පිරිමි මීටර් 100 තරගයේ දී...

සා.පෙළ 10,000කට අයදුම් නොකළ විෂයක් ඇවිත්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ දෙවන වර අයදුම්කරුවන්ට එනම් පෞද්ගලික අයදුම්කරුවන් 10,000කට වැඩි පිරිසකට තමන් අයදුම් නොකළ විෂයක් සහිත ප්‍රවේශපතක් ලැබී තිබෙන...

වතු හාම්පුත්තු ගැන ලැජ්ජයි- වඩිවෙල් සුරේෂ්

“සිලෝන් ටී” නාමය රැක ගනිමින් මෙරට ජාතික ආර්ථිකයට ඉහළ දායකත්වයක් ලබා දෙන වතු කම්කරුවන්ට වැටුප් වැඩි වීමක් ලබා දීමට රජයට මෙන්ම වතු හාම්පුතුන්ගේ සංගමයටත්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...