29 C
Colombo
Sunday, May 5, 2024

දින දෙකක් අවසානයේ තරඟයේ වැඩි වාසි ශ්‍රී ලංකාවට

- Advertisement -

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවන දිනය අදයි.

අද දෙවන දිනය සඳහා තරගය නතර කරන විට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම කඩුලූ 6 ක් දැවී ලකුණු 113ක් රැස් කර තිබුණා.

ඊයේ දිනය නිමා වන විට පන්දුවට පහර දෙමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු ඉනීම අද ලකුණු 386කට සීමාවුණා.

එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ඊයේ සිය ටෙස්ට් දිවියේ 13 වන ශතකය සම්පූර්ණ කළ නායක දිමුත් කරුණාරත්න ලකුණු 147කට දැවීගියේ කොදෙව් දඟ පන්දු යවන ක්‍රීඩක රොස්ටන් චේස් එවූ පන්දුවකට කඩුලු රකින්නාගේ ස්ටම්ප් කිරීමකට හසුවීමෙනුයි.

එමෙන්ම ක්‍රීකට් පිටීයේ දුලබ දැවී යාමක් වන හිට් විකට් අවස්ථාවකට මුහුණ දී ධනංජය ද සිල්වා දැවීයන විට ඔහු රැස්කර තිබු ලකුණු සංඛ්‍යාව 61ක්.

එමෙන්ම දිනේෂ් චන්දිමාල්ද ස්ථාවර ඉනිමක් ගොඩනගමින් පන්දු 83කදී ලකුණු 45ක් ලබාගැනීමට සමත් වුණා.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා සියලු ක්‍රීඩකයින් දැවී ලබාගත් ලකුණු සංඛ්‍යාව 386ක්.

අනතුරුව සිය පළමු ඉනිම ඇරඹි කොදෙව් පිතිකරුවන්ට පිටිය තුළ ස්ථාවර වීමට ශ්‍රී ලංකා යොවුන් දඟ පන්දු බලඇණිය ඉඩ ලබා දුන්නේ නැහැ.

ඉනිම ඇරඹුමේම කොදෙව් කඩුලු දඩයම ඇරඹූ රමේෂ් මෙන්ඩිස් දෙවන දිනය නිම වනවිට පන්දු වාර 6ක් යොමුකර ලකුණු 23කට කඩුලු 3ක් දවා ගැනීමට සමත්ව තිබුණා.

ඔහුට අගනා සහයක් දුන් ප්‍රවීන් ජයවික්‍රමද ලකුණු 25කට කඩුලු 2ක් දවාගත්තා.

පළමු දිනය නිමා වනවිට ලසිත් ඇඹුල්දෙණිය හිමිකරගෙන තිබුණේ එක් කඩුල්ලක් පමණයි.

එය ඔහුගේ ටෙස්ට් ක්‍රිකට් දිවියේ 50 වන කඩුල්ලයි.

පන්දුවට පහරදුන් කොදෙව් පිතිකරුවන්ගෙන් යම් සාර්ථකත්වයක් පෙන්වූ ක්‍රේග් බ්‍රේත්වේට් ලකුණු 41ක් ලබා සිටියදී රමේෂ් මෙන්ඩිස්ගේ පන්දුවකට පැතුම් නිස්සංක අතට උඩපන්දුවක් ලබාදෙමින් දැවී ගියා.

ඒ වන විට ඔහුගේ ඉනිමට හතරේ පහර 7ක් ඇතුළත්ව තිබුණා.

දෙවන දිනය සඳහා තරගය නතර කරන විට බටහිර ඉන්දීය කොදෙව්වන් වෙනුවෙන් කේ.මයර්ස් ලකුණු 22ක් ලබාගෙන සහ ජේසන් හෝල්ඩර් 01 ලකුණක් ලබාගෙන පිටියේ රැදී සිටියා.

ඒ වන විට කොදෙව්වන් කඩුලු 06ක් දැවී රැස්කරගෙන තිබු ලකුණු සංඛ්‍යාව 113ක්.

හෙට තරඟයේ තෙවන දිනයයි.

RECENT ARTICLES - SINHALA

මැලේසියාවේ KFC ශාඛා කිහිපයක් හදිසියේ වසා දැමේ

ගාසා තීරයට එරෙහි ඊශ්‍රායලයේ යුද්ධයට එක්සත් ජනපදය දක්වන සහයෝගයට එරෙහිව දියත් කර ඇති වර්ජන ව්‍යාපාරයට මේ වන විට මාසයක පමණ කල් ගත වී තිබෙනවා....

සහල් දීමනාව නොදුන්නැයි කාන්තාවක් ග්‍රාම නිලධාරිනියට ගහලා

රජය මගින් ලබා දෙන සහල් නොදුන්නැයි උරණවූ කාන්තාවක් කළ පහරදීමකින් ග්‍රාම නිලධාරීවරියක් රෝහල් ගතකර ඇති බව පොලිසිය පවසනවා. මෙසේ රෝහල් ගත කර ඇත්තේ, පනාපිටිය දකුණ...

ඇල්ල – කරඳගොල්ල ගැන අලුත් අනාවරණයක්

උමා ඔයේ බලපෑමක් හේතුවෙන් ඇල්ල, කරඳගොල්ල ප්‍රදේශයෙන් නාය යෑමේ තත්ත්වය සක්‍රීය වී නොමැති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා දෙපාර්තමේන්තුවේ සම්මානිත මහාචාර්ය අතුල සේනාරත්න මහතා...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...