26 C
Colombo
Tuesday, April 30, 2024

ඔටුන්නක් වගේ එකක් දාගෙන ඉන්නේ නළුවෙක් නිසා නෙවෙයි – කාදිනල් හිමි

- Advertisement -

තමා හිසේ ඔටුන්නක් වැනි දෙයක් පැළඳ සිටින්නේ රඟපෑමට නොවන බව කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා.

ඒ, වාද්දුව ප්‍රදේශයේ පැවති ආගමික වැඩසටහනකට එක්වෙමින්.

ජනතාවගේ දුකේදි මෙන්ම සැපේදීත් ජනතාව සමඟ සිටීම සිය තනතුර සමඟ පැවරුණු රාජකාරියක් බවයි කාදිනල්තුමන් පෙන්වා දෙන්නේ.

පාස්කු ප්‍රහාර මාලාව පිටුපස මතුපිටින් පෙනෙන දෙයට වඩා විශාල වැඩපිළිපිවෙලක් යටින් තිබුණු බව දිනෙන් දින වැටහෙමින් ඇති බවත් පාස්කු ප්‍රහාරය පිටුපස ඇති සත්‍ය අනාවරණය කරගන්නා තෙක් සිය අරගලය අත් නොහරින බවත් කාදිනල්තුමන් පවසනවා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්,

“මේ ඔටුන්නක් වගේ එකක් දාගෙන ඉන්නේ නාට්‍යය ක් රඟපාන නළුවෙක් නිසා නෙමෙයි. මේක විහිලුවක් නෙමෙයි. මේ තනතුර දරනවා නම් ජනතාවගේ දුකේ දී සැපේ දී ඔවුන් සමග සිටින්නට ඕනේ. මතුපිටින් පෙනෙන දේට වඩා ලොකු දෙයක් ඊට යටින් තිබුණා කියලා අපිට එන්න එන්නම වැටහෙනවා. අපිට පළිගන්න ඕන කමක් නෑ. නමුත්, ඇත්ත මොකක්ද කියලා අපි දැනගන්න ඕනේ. ඒක සොයා ගන්නා තුරු අපි මේ අරගලය අතහරින්නේ නෑ. මේකෙ නරකම පැත්ත තමයි.. මේ ප්‍රහාරය ගැන හොඳට දැනගෙන ඉඳලා ඒක වළක්වන්නට ඇතැම් උසස් උදවිය මුකුත් වුණේ නෑ වගේ සාන්තුවරු වගේ ජීවත්වෙනවා.

ඒක තමයි අපිට දරාගන්න බැරි කාරණාව. ජනාධිපති කොමිෂන් සභා වාර්ථාවෙන් පවා නිර්දේශ කරලා තියෙන දේවල් පවා ක්‍රියාත්මක කරන්නට අපි කොච්චර කිව්වත් බලධාරීන් කටයුතු කරන්නේ නෑ. ඒක ඒහෙම වෙන්නේ මොකක් හරි වගකීමක් ඒගොල්ලන්ගෙත් තියෙනවා ද? මේ ප්‍රහාරවලට කියලා අපිට සාධාරණ සැකයක් ඇති වෙනවා. ඒ සැකය දුරු කරන්නට නම් ජනාධිපති කොමිෂන් සභාවෙන් නිර්දේශ කරලා තියෙන දේවල් ක්‍රියාවට නංවන්න කටයුතු කරන්න. මෙතන අපිට දේශපාලනයක් නෑ. අපිට ඕනේ සාධාරණය සහ සත්‍ය.”

RECENT ARTICLES - SINHALA

නිදහස් පක්ෂය නිදහස් වෙලා

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානය අද (29) පෙරවරුවේ පොලිස් ස්ථානීය පරික්ෂණ නිලධාරීන් විසින් විමර්ශන කටයුතු සඳහා විවෘත කරනු ලැබ තිබෙනවා. වැදගත් ලිපිගොනු කිහිපයක් අස්ථානගතවීම හේතුවෙන්...

ෆවුසිට නොතිසි

0
හිටපු ආපදා කළමනාකරණ අමාත්‍ය ඒ. එච්. එම්. ෆවුසි මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව මැයි මස 22 වනදා දක්වා කල්තැබීමට කොළඹ මහාධිකරණය...

මෙරට ශ්‍රම බලකාය ගැන අනාවරණයක්

පසුගිය වසරේ දී මෙරට ශ්‍රම බළකාය පහත ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත්කළ නවතම වාර්තාවකින් පෙන්නුම් කර තිබෙනවා. ඒ අනුව 2022 වසරේ දී...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

පොලිසියේ පස්දෙනෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

කන්තලේ භාරතීපුරම් ගම්මානයේදී මීට වසර 26කට පෙර නිරායුධ දෙමළ සිවිල් වැසියන් අටදෙනෙකු භාරතීපුරම් පොලිස් ස්ථානයට රැගෙන විත් සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබා මරා දමන...

රනිල් අවුරුදු කුමාරියන්ට තෑගි දෙන්න ගිහිල්ලා

මැද කොළඹ - සුදුවැල්ල බක්මහ උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වී තිබෙනවා. මෙම වාර්ෂික බක්මහ උළෙල සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත්...