31 C
Colombo
Saturday, May 4, 2024

ලිංගික අතවර ගැන හෙළිකළ චීන ටෙනිස් ක්‍රීඩිකා ⁣පෙන්ග් ෂූයිගේ ආරක්ෂාව අනතුරේ

- Advertisement -

ලිංගික අතවර ගැන හෙළිකළ චීන ටෙනිස් ක්‍රීඩිකා ෆෙන්ග් ෂූයිගේ ආරක්ෂාව සම්බන්ධයෙන් සිය අවධානය ⁣යොමු කර ඇති බව ජාත්‍යන්තර කාන්තා ටෙනිස් සම්මේලනය පවසයි.

චීනයේ හිටපු උප අගමැතිවරයෙකු වන ෂැන්ග් ගාඕලී තමන්ට ලිංගික අතවර කළ බවට පෙන්ග් ෂූයි පසුගියදා අනාවරණයක් සිදුකළාය.

ඉන්පසු ඇය මහජන අවකාශය තුළ දැකගත නොහැකි වී ඇති බවත් ඇයට සිදුවූ දේ සම්බන්ධයෙන් බරපතල ගැටලුවක් ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අන්තර්ජාතික කාන්තා ටෙනිස් සම්මේලනය සදහන් කරන්නේ මෙම තත්වය තුළ ඇය සෘජුව සම්බන්ධ කර ගැනීමට තමන් උත්සහ කළත් එය අසාර්ථක වූ බවයි.

මේ හේතුවෙන් ඇගේ ආරක්ෂාව සම්බන්ධයෙන් තමන් පුලුල් අවධානයක් යොමුකර ඇති බවද එම සම්මේලනය වැඩිදුරටත් සදහන් කර තිබේ.

RECENT ARTICLES - SINHALA

ඇල්ල – කරඳගොල්ල ගැන අලුත් අනාවරණයක්

උමා ඔයේ බලපෑමක් හේතුවෙන් ඇල්ල, කරඳගොල්ල ප්‍රදේශයෙන් නාය යෑමේ තත්ත්වය සක්‍රීය වී නොමැති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා දෙපාර්තමේන්තුවේ සම්මානිත මහාචාර්ය අතුල සේනාරත්න මහතා...

පොහොට්ටුවේ උප නගරාධිපතිට මත්ද්‍රව්‍ය ලබාදුන් කාන්තාවක් අත්අඩංගුවට

පසුගිය දින සීදූව කටුනායක ප්‍රදේශයේ හිටපු උප නගරාධිපතිවරයෙක් වන ලලිත් රොහාන් සිල්වා නැමැති පුද්ගලයා බඩල්ගම පොලිසිය විසින් පසුගිය දින හෙරොයින් සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට...

හෙට උණුසුම ගැන නිවේදනයක්

හෙට (05) දිනයේ උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් අද (04) කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. එම නිවේදනයේ දැක්වෙන්නේ හෙට දිනයේ උතුරු, උතුරුමැද,...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...